IMG-LOGO

නිධන් ගැනීමට උත්සාහ කළ 6දෙනෙකු අල්ලයි

(සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ ⁣බොල්තුඹේ සමන් දේවාල භුමියේ  නිධන්  ගැනීමට  උත්සාහ  කළ  බවට සැකකෙරෙන  චීවරධාරියෙකු  ඇතුළු  පුද්ගලයන්  6දෙනෙකු  අද (22) දා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඉකුත්  08 වැනිදා  බොල්තුඹේ දේවාලයේ දොර ජනෙල් කඩා  එයට ඇතුල් වී  දේවාලයේ  පෞරාණික භාණ්ඩ රැසක් සොරකම් කරගෙන ගොස්  තිබුණි. ඒ අනුව පොලිස්පතිවරයාගේ  උපදෙස් පරිදි බලන්ගොඩ සහකාර ⁣පොලිස් අධිකාරි දුමිදු සේනානායක මහතා  ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක්  යටතේ  පරික්ෂණ ආරම්භ කර තිබේ.

එම පරික්ෂණ කළ නිලධාරීන්  විසින්  මෙම සැකකරුවන් මැණික්  ගල් කිහිපයක්  සමග  අත්අඩංගුවට ගෙන ඇත. දේවාලයේ නිධන් ගැනීමට උත්සාහ කළ  අය  දේවාලයේ පෞරාණික භාණ්ඩ සොරකම් කිරීමට  සම්බන්ධයක්  ඇතැයි පොලිසිය සැක පළකරයි.

අත්අඩංගුවට  ගත් සැකකරුවන් බලන්ගොඩ සහ මොනරාගල නැතිමලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි. සැකකරුවන් අද (22) බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.



අදහස් (0)

නිධන් ගැනීමට උත්සාහ කළ 6දෙනෙකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 722 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 509 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site