IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිත පවුල් 141ක් අවදානමක

(විනීතා එම් ගමගේ)
            
මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිතව පැන නැගී ඇති පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩාවට පත්ව සිටින, ඒ ආසන්නයේ ජීවත් වන, අවධානය යොමු විය යුතු තවත් පවුල් 141ක පිරිසක් සිටින බව සර්වෝදය ව්‍යාපාරය කියයි. 
            
ගංවතුරකට විනාශ වූ නිවාස වෙනුවට කුණු  කන්දේ එක් පසෙක සර්වෝදය ව්‍යාපාරයෙන් ඉදිකර දුන් තාවකාලික නිවාසවල මෙම පවුල් වෙසෙති. 
 
පසුගිය සමයේ කසළ කන්ද නායයාමෙන් මෙම නිවාසවලට හානියක් නොවීම නිසා මේ පිරිස පිළිබඳව කිසිදු අංශයක අවධානය යොමු වූයේ නැතැයි සර්වෝදය කොළඹ දිස්ත‍්‍රික් සංවිධානය පෙන්වා දෙයි. 
            
උද්‍යානයක් නිර්මාණය කිරීම සඳහා කසළ කන්දේ ඉදිකිරීම් කටයුතු සිදුවන බවද, මේ හේතුවෙන් නිරන්තර නැගෙන මීතේන් වායුවෙන් මෙම පෙදෙස බරපතල ලෙස වායු දූෂණයට ලක්ව ඇති බවද, අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි සර්වෝදය කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක ඉඳුනිල් ප‍්‍රසංග හිත්තැටිය මහතා ලංකාදීපයට පැවැසීය.
 
මෙම ප්‍රදේශයේ වෙසෙන තරුණ පිරිස අතරින් 85% ක් පමණ දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව එම අධ්‍යයනයේ දී හෙළිවූ බව කී හිත්තැටිය මහතා මන්දපෝෂිත දරුවන් හා අඩු බර දරුවන් ද මෙහි බහුලව සිටින බව කියා සිටියේය. 
 
එහි බොහෝදෙනෙකුට වැසිකිළි පහසුකම් නොමැති අතර පවතින වැසිකිළි  පවා ඇළ මාර්ගවලට හරවා ඇතැයි පෙන්වා දුන් සර්වෝදය සංවිධායකවරයා වැඩිහිටියන් මෙන්ම දරුවන්ද බොහෝ පිරිසක් චර්ම රෝගවලින් පීඩා විඳින බව ද සඳහන් කළේය. 
            
උද්‍යානයේ ඉදිකිරීම්වලට පෙර සිදුවිය යුතුව තිබුණේ මෙම පවුල් 141 එතැනින් ඉවත් කර සුදුසු තැනක පදිංචි කරවීම බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.



අදහස් (0)

මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිත පවුල් 141ක් අවදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32329 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14846 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 89 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 374 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1299 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site