(ඩී.කේ.රත්න)
ඇටම්පිටිය දියවුන්නාව ප‍්‍රදේශයේදී ඇසිඩ් ප‍්‍රහාරයකට ලක්වීමෙන් අද (24) අලුයම පුද්ගලයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ ඇටම්පිටිය ඇත්තලගෙදර, මඩවලකපල්ල ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා යතුරු පැදියකින් යමින් සිටියදී ඇටම්පිටිය බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයේ දියවුන්නාව මංසන්ධිය අසළදී මෙය සිදුව ඇත.
මෙම පුද්ගලයාට ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමත.
ඇටම්පිටිය පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd