(පාලිත ආරියවංශ)
ඌව පළාත් සභාව සංවිධානය කළ මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක් අද (25) බදුල්ල නගරයේදී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතින් නිදහස් රටක් යන සංකල්පය අනුව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකාය ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මෙය පැවැත්විණි.
බදුල්ල ඌව පළාත් සභාව ඉදිරියෙන් ආරම්භ වූ පාගමන බදුල්ල නගරය ඔස්සේ ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරය වෙත පැමිණි අතර ඉන් පසු සම්මන්ත්‍රණයක් ද ඇරඹිණි.
ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා හා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ විය.
පළාත් සභා නිලධාරීහු, යුද හමුදා නිලධාරීහු, පොලිස් නිලධාරීහු, සෞඛ්‍ය කාර්යමණ්ඩල, ජාතික තරුණසේවා සභාවේ තරුණතරුණියෝ, මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවී පුනරුත්ථාපනය වූවෝ, ත්‍රිරෝද රථ රියදුරුවරු, බදුල්ල කාර්මික විද්‍යාලයේ සිසුහු, බදුල්ල උස්ස තාක්ෂණ විද්‍යාලයේ සිසුහු, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුහු ඇතුළු 700 ක පමණ පිරිසක් මීට එක්වූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd