භාවිතයට නුසුදුසු ආහාර ගබඩා කළ අයෙක් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහරී
ගුල්ලන් හෝ කෘමීන් හානි කරන ලද පරිප්පු, මුං, කවුපි ආදී ධාන්‍ය වර්ග ගබඩා කිරීම හා නිෂාපාදනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අයකු රුපියල් 10,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද ( 27) වැනි දා නියම කළේය.