(ජේ.කේ.එල්. චාමින්ද)
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ පීඨයේ හා ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් සිසුවෙක් සහ සිසුවියක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව අක්මීමන පොලිසිය පවසයි.
අද (28) මෙම පිඨ දෙකේ සිසුන් අතර භෝජනාගාරය තුළ දී ඇති වූ වචන හුවමාරුවක් දුර දිග යාමෙන් මෙම ගැටුම ඇති වී තිබේ.
දේපාර්ශ්වයෙන්ම මෙම ගැටුම් සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ද ලැබී ඇති බව අක්මීමන පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd