(රංජිත් රාජපක්ෂ)
නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය ටැප්ලෝගම ප්‍රදේශයේ ගල් පර්වතයක් කඩා නිධානයක් ගැනීමට උත්සහ කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සැකපිට ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.
ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (28) රාත්‍රි එම ගල් පර්වතය පුපුරුවා හැර නිධානයක් ගොඩ ගැනීමට උත්සාහ දරන බවට ප්‍රදේශවාසින් ලබා දුන් තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නිධානය ගොඩ ගැනීමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ පූජා භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (29) ඉදිරිපත් කෙරේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නිධන් ගන්න ආ දෙදෙනෙක් අල්ලයි