(ඩබ්. ඒ. පියතිලක)
ගාල්ලේ සිට චාරිකාවක පැමිණි 15 හැවිරිදි පාසල් සිසුවකු අද (28) පස්වරුවේ දී ගිරිතලේ වැවේ දිය නෑමට ගොස් මිය ගිය බව මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගිනිගල්ගොඩ පාර, පාතේගම බලපිටිය ලිපිනයේ පදිංචි කේ.ජි. විහග නිම්සර (15) හැවිරිදි පාසල් සිසුවාය.
බලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක්, පාසල් සිසුන් 12 ක් සමඟ වෑන් රථයකින් මෙම පිරිස පැමිණ තිබේ.
දියේ ගිලුණ සිසුවා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව මින්නේරිය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd