(ලලිත් නවරත්න)
විදෙස් පුද්ගලයෙකුගේයැයි සැක කරන පුද්ගල මළ සිරුරක් ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මාන වෙරළට ගොඩගසා තිබියදී අද (30)දා හමු වී ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙම සිරුර ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම්දී තිබිණි.
ස්ථානීය මරණ පරීක්ෂණයක් පැවැත්වූ හලාවත මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු රකිත අබේරත්න මහතා මෘතදේහය සම්බන්ධයෙන් වහාම වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට පොලීසියට නියෝග කළේය.
ආරච්චිකට්ටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd