(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිටකෝට්ටේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විද්‍යාගාරයෙන් රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමින් යුතු, ප්ලැටිනම් වර්ගයේ ලෝහයෙන් සාදන ලද කෝවා 5ක් සහ වැසුම් දෙකක් සොරාගත් විද්‍යාගාර සහායකවරයකු අද(28) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු රාජගිරියේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂිකා චාමලී පතිරණ මහත්මිය ඊයේ(27) පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සොරාගත් කෝවා පහ සහ වැසුම්, හෙට්ටිවීදියේ ආයතනයකට විකුණා සැකකරු රුපියල් ලක්ෂ 4ක මුදලක් ලබාගෙන ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd