IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පාසල් දරුවන් මත්ද්‍රව්‍ය අවදානමෙන් දුරස් කිරීමේ වැඩසටහනක්

(දයාරත්න ඇඹෝගම)

ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරන සතියට සමගාමීව උතුරු මැද පළාතේ දරුවන් මත්ද්‍රව්‍ය අවදානමෙන් දුරස් කර මතින් නිදහස් රටක් උදෙසා පෙළ ගැස්වීමේ වැඩසටහනක් අද (27) අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ දී උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විද්‍යාත්මක හා ඵලදායි අයුරින් මත්ද්‍රව්‍ය භාවිතය කෙරෙහි සිසුන් තුළ කැමැත්ත ගොඩනැගීම අවම කරමින්, අනාගතයේ භාවිතයට‍ යොමුකරවීමේ බලපෑම් අවම කරමින්, දැනටමත් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සිටීනම් ඔවුන්ගේ භාවිතයද අධෛර්යමත් කිරීම උදෙසා අවශ්‍යවන අවබෝධය වැඩිදියුණු කිරීමත් හා මත්ද්‍රව්‍ය භාවිතය සඳහා සිදුවන පෙළඹවීම හමුවේ එම පෙළඹවීම් වල අභ්‍යන්තර අරමුණු අවබෝධ කරගෙන ඒවා දුර්වල කිරීමේ කුසලතාව සහිත පාසල් වාතාවරණයක් ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත. 

මෙහිදී පාසල් පරිශ්‍රය මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කරන කලාපයක් බවට පත් කිරීම සිසුන් මත්ද්‍රව්‍ය,දුම්වැටි හා මධ්‍යසාර භාවිතයට හසු නොවීමේ කුසලතා වර්ධනය වන ආකාරයේ භෞතික පරිසරයක් පාසල තුළ තහවුරු කර සිසුන් තුළ අවබෝධයෙන් යුතුව තීරණගැනීමේ හැකියාව වර්ධනය කිරීම, සමාජයට අහිතකර දේ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව වර්ධනය කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම තුළින් ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙයට සමගාමීව විද්‍යාලයේ සිසුන් විසින් මත් ද්‍රව්‍ය භාවිතයට පිළිබඳ ප්‍රදර්ශණාත්මක චිත්‍ර දැක්මක් ද ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, පළාත් සෞඛ්‍ය ලේකම් සමන් බන්දුලසේන මහතා ඇතුළු විදුහල්පතිවරු ගුරුවරු සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් සහභාගී වූහ.

 



අදහස් (0)

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය අවදානමෙන් දුරස් කිරීමේ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32346 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14858 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 95 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site