සමෘද්ධි හිමිකම් දීමේ උත්සවයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අද (3) පැවති සමෘද්ධි හිමිකම් බෙදාදීමේ උත්සවය දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් මැද පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ කොළොන්න ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රී පී. අබේනායක මහතාගේ පහරකෑමකට ලක්වූ බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු රෝහල් ගත කරනු ලැබීය. 03 July 2019
පෝද්දල නඩුවේ විත්තිකරුවන් 7 දෙනා නිදොස් කොට නිදහස් පෝද්දල මිනීමරුම් නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.ඒස්.නිස්සංක මහතා පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත්වීමෙන් අද (3) විත්තිකරුවන් 7 දෙනාම නිදොස් කොට නිදහස් කළේය. 03 July 2019
මහියංගන ඩිපෝවට ලක්ෂ ගණනක වංචාවක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මහියංගන ඩිපෝව මගින් අලුත්වැඩියා කටයුතු සඳහා පෞද්ගලික ආයතනයකට බාරදුන් එන්ජින්වලට පරණ කොටස් යොදා, අලුත් කොටස් දැමූ බව හැඟවෙන ලෙස තීන්ත ආලේප කර, ලක්ෂ ගණනින් බිල්පත් දමා සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇතැයි ඩිපෝවේ කාර්මික සේවක පිරිසක් චෝදනා කරති. 03 July 2019
කුරුණෑගල වැව අසළ හිස් කබලක් කුරුණෑගල වැවේ පැරණි සොරොව්ව ආසන්නයේ තිබී අද(03) මිනිස් හිස් කබලක් හමුවූ බව කුරුණෑගල පොලීසිය කියයි. 03 July 2019
බැංකු සේවකයෝ වීදි බසිති විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම, මාසික වැටුපෙන් බදු අය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා බැංකු සේවකයෝ අද(02) උද්ඝෝෂණ පැවැත්වූහ. 03 July 2019
‘සේනා‘ හානි කළ වගාවන්ට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක් සේනා දළඹු උවදුරෙන් වගා හානිවූ බඩ ඉරිඟු ගොවීහු තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබාදෙන ලෙස රජයට බල කරමින් අද (03) අම්පාර නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ. 03 July 2019
හිඟුරක්ගොඩ ප්‍රා. සබේ කසළ රොටවැවට නොදමන්නැයි විරෝධතාවක් හිඟුරක්ගොඩ ප්‍රදේශීය සභාවට අයත් කසළ, මින්නේරිය රොටවැවට සහ කවුඩුල්ල වැවට බැහැර නොකරන ලෙස ඉල්ලා අද (03) අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සමාජිකයෝ විරෝධතාවයක නිරත වූහ. 03 July 2019
ඇමැති වැඩ බාර නොගැනීමෙන් ආර්ථික මධ්‍යස්ථාන සේවා අඩපණ වෙයි පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ බාර නොගැනීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන ආර්ථික මධ්‍යස්ථානවල සේවා සියල්ල අඩපණ වී නිලධාරීන් සහ වෙළෙන්දන් අතර අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය චෝදනා කරති. 03 July 2019
ඇල්ල උඩුකුඹල්වෙල රක්ෂිතයට ගිනි තැබූ දෙදෙනෙකු අල්ලයි ඇල්ල උඩුකුඹල්වෙල රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 03 July 2019
ත්‍රිරෝද රථයක බැටරි සොරකම් කළ අයෙකු අත්අඩංගුවට ත්‍රිරෝද රථයක බැටරි සොරකම් කළ පුද්ගලයකු අද(03) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය සඳහන් කරයි. 03 July 2019
තිස්සමහාරාමය බිය ගැන්වූ කිඹුලා අල්ලයි තිස්සමහාරාම, අකුගොඩ ප්‍රදේශයේ ජනයා බිය ගැන් වූ දැවැන්ත කිඹුලා අද (03) කතරගම වන ජිවි අඩවී ආරක්ෂ කාර්යාලයේ නිලධාරීහු මහත් වෙහෙසක් දරා අල්ලා ගත්හ. 03 July 2019
තණමල්විලෙන් ගිනි අවියක් සොයාගනී තණමල්විල අරඹේකෙම ප්‍රදේශයේදී හිමිකරුවෙකු නොමැති ගිනි අවියක් අද (3) සිය බාරයට ගත් බව තණමල්විල පොලීසිය පවසයි. 03 July 2019
මත්ද්‍රව්‍ය නිවාරණ පෙළපාළියක් වැලිකන්දේ වැලිකන්ද රිදීපොකුණ සිවිල් ආරක්ෂක බළකා මුලස්ථානයේ සංවිධානයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ පෙළපාළියක් අද (3) අරලගංවිල දී පැවැත්විණි. 03 July 2019
භාරතීපුරම් දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් ඉල්ලා විරෝධතාවක් කිලිනොච්චිය 55 හන්දිය අසළ භාරතීපුරම් දුම්රිය හරස්මාර්ගය සඳහා විදුලි ආලෝක සංඥා වෙනුවට දුම්රිය ගේට්ටුවක් සවිකරන ලෙස ඉල්ලා කිලිනොච්චි ප්‍රදේශවාසීහු පිරිසක් අද(03) උදෑසන විරෝධතාවක නිරතවූහ. 03 July 2019
බෙලිඅත්තේ නිවාස ව්‍යාපෘති 5 කට එරෙහිව නීතිමය පියවර බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව සභාවේ තීරණවලට එරෙහිව බල ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින්නේ යැයි කියන නිවාස ව්‍යාපෘතී පහකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා පැවසීය. 03 July 2019
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ උඩවිහාරගල ප්‍රදේශයේදී අද(3) උදෑසන යතුරුපැදියක් හා කැබ් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය කියයි. 03 July 2019
රිය අනතුරින් 5ක් රෝහලේ ආනමඩුව හලාවත මාර්ගයේ පල්ලම සේරු කැලේ ප්‍රදේශයේ දි අද (3) වෑන් රථයක් හා ලොරි රථයක් එකට ගැටී සිදුවූ අනතුරකින් පස්දෙනෙකු බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පල්ලම පොලිසිය කියයි. 03 July 2019
කුලියාපිටියේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් කුලියාපිටිය වට්ටක්කාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එම ප්‍රදේශයේම පිහිටි ළිඳක තිබී අද (02) සොයා ගත් බව කුලියාපිටිය පොලිසිය පැවැසීය. 02 July 2019
කවුඩුලු වැව් දියේ ගිලී ධීවරයෙක් මරුට මැදිරිගිරිය කවුඩුලුවැවේ මාළු දැල් එලීමට ගිය ධීවරයෙක් දියේ ගිලී අද (02) මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 02 July 2019
රිය බලපත් අත්හිටවූ අයකු රිය පැදවූවාට අනිවාර්ය සිරදඬුවම් අධිකරණයකින් රිය බලපත්‍රය අත්හිටුවා තිබියදී මෝටර් රථයක් පදවා රිය අනතුරක් සිදුකළ පුද්ගලයකු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් 40,000 ක දඩයක් හා මාස තුනක අනිවාර්ය සිරදඬුවමක් නියම කිරිමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. 02 July 2019
නීතිවිරෝධීව කොස් දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධීව රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා කොස් දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද(02) නාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය කියයි. 02 July 2019
ගම්මිරිස් වගාකරුවෝ අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලති ගම්මිරිස් මිල ඉතා පහළ වැටීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව පවසමින්, ඒ සඳහා සාධාරණ මිලක් ලබාදෙන්නැයි බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවීන් සුරැකීමේ එකමුතුව අද(02) හාලිඇල නගරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ. 02 July 2019
රුහුණු සරසවි සිසුහු වීදි බසිති රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම වහා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා අද (02) දහවල් ගාල්ල කරාපිටිය රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි. 02 July 2019
හිටපු පොලිස් පරීක්ෂකයකු ඇතුළු කොල්ලකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ත්‍රිරෝද රථ ඇතුළු විවිධ වාහනවලින් පැමිණ තමන් ආරක්ෂක අංශවල යැයි පවසමින් පුද්ගලයන් සතු රන් ආභරණ හා මුදල් කොල්ල කෑ හිටපු පොලිස් නිලධාරියකු ඇතුළු කල්ලියක සාමාජිකයන් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි. 02 July 2019
කොබෙයිතුඩුවේ ව්‍යාපාරිකයකු කපා කොටා ඝාතනය කරයි බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ දී අද (2) දහවල් පුද්ගලයකු කඩුවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 02 July 2019
ඩුබායි අත්අඩංගුවේ සිටින පුතා ලංකාවට ගෙන්වන්නැයි ආයාචනයක් පාස්කු ප්‍රහාරයෙන් පසු මුහුණු පොතේ පළ කර තිබූ සටහනකට පිළිතුරු දුන් තම පුතා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පවසන පුත්තලම ප්‍රදේශයේ මව්පිය යුවළක් සිය පුතා හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටිති. 02 July 2019
ගින්නකින් වෙළඳසැලක් විනාශයි - හිමිකරු රෝහලේ පල්ලේබැද්ද අම්බැවිල මගයාය හන්දියේ සිල්ලර වෙළඳසැලක් අද (02) ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 02 July 2019
පාසල් ළමුන් ගෙන ගිය ත්‍රිරෝද රියක් පෙරැළී 8 ක් රෝහලේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් ළමුන් 8 දෙනෙකු සහ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 02 July 2019
ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට ඕපනායක පේරකැටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරැළී අද (02) එහි ගමන් කළ පුද්ගලයකු මිය ගොස් ඇති බව ඕපනායක පොලිසිය පවසයි. 02 July 2019
අනාරක්ෂිත ළිඳකට වැටුණු අලියෙක් වනජීවී සහයෙන් ගොඩට මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, ඔඩියමලේ ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි වල් අලියකු අද (02) මුලතිව් වනජීවි නිලධාරීන් විසින් බේරාගනු ලැබීය. 02 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025