IMG-LOGO

‘සේනා‘ හානි කළ වගාවන්ට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක්

(නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල)

සේනා දළඹු උවදුරෙන් වගා හානිවූ බඩ ඉරිඟු ගොවීහු තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබාදෙන ලෙස රජයට බල කරමින් අද (03) අම්පාර නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
 
ඉල්ලීම් පාඨ සඳහන් කල පුවරු අතැතිව සටන් පාඨ කියමින්  අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරියට පෙළපාලියකින් පැමිණ  ඔවුහු විරෝධතාවයෙහි නිරත වූහ.
 
දමන, අම්පාර (නාමල්ඔය) උහන යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල බඩ ඉරිඟු සමිති විස්සක පමණ සාමාජික ගොවීන් සහ ගොවි කාන්තාවෝද සහභාගි වී සිටියහ. අම්පාර දිස්ත‍්‍රික් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස දමන දකුණු ඉවුර රත්න භූමි ගොවි සංවිධානය අරුණළු  ගොවි සංවිධානය  ඇතුළු තවත් ගොවි සංවිධාන කීපයක නියෝජිතවරු සහ සාමාජික ගොවීහු දැනුම්වත් කළහ.

අම්පාර එච්.ඇම්. වීරසිංහ ක‍්‍රීඩාංගනයේ සිට රීගල් මංසන්ධිය ඔස්සේ පෙළපාළියකින් ඔවුහු ගමන් කළහ.
 
මේ අතර උද්ඝෝෂණයට  එක්ව සිටි පිරිසට සහය දැක්වීම සඳහා අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිපිට ගසකට නැගගත් ගොවීන් දෙදෙනෙකුව පොලීසිය මැදිහත්ව බිමට බැස්සවූහ. ආරක්ෂක හේතූන් මත දිසාපති කාර්යාල පරිශ‍්‍රයට පිවිසෙන ප‍්‍රධාන ගේට්ටුව වසාදමා තිබිණි.
 
පැය කීපයක් උද්ඝෝෂණයේ නිරත පිරිස හමුවට පැමිණි අතිරේක දිසාලේකම් උදාර නානායක්කාර සහ අම්පාර දිස්ත‍්‍රක් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එස්.ඒ.කලීස් මහතා පැවසුවේ ඉදිරි මාසය තුල රක්ෂණ වන්දි මුදල් ලැබුණ වහාම ගෙවීමට කටයුතු කරන බවය.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස මහතා ගොවීන් මාරාන්තික උපවාසයකට අවතීර්ණ නොකරන ලෙස පාලකයින් වග බලා ගතයුතු බව අවධාරණය කළේය. රුපියල් කෝටි අසූවක් පමණ වන මෙම වන්දි මුදල් ඉදිරි  සතියක් ඇතුළත ලබා නොදුන්නොත් නැවත මෙම ස්ථානයට ගොවීන් පැමිණෙනු ඇති බවද ඔහු කීය.

(ඡායාරූප - නවරත්න සමරතුංග)

(ඡායාරූප -වසන්ත චන්ද්‍රපාල) 



අදහස් (0)

‘සේනා‘ හානි කළ වගාවන්ට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 624 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 351 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 494 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site