(ඩී. කේ. රත්න)
ගම්මිරිස් මිල ඉතා පහළ වැටීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව පවසමින්, ඒ සඳහා සාධාරණ මිලක් ලබාදෙන්නැයි බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවීන් සුරැකීමේ එකමුතුව අද(02) හාලිඇල නගරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
සාධාරණ මිලක් නොමැතිවීමෙන් වසර තුනක පමණ කාලයක සිට නෙළන ලද ගම්මිරිස් අස්වැන්න තවමත් නිවෙස්වල ගොඩගසා ඇති බවත්, මෙම වසරේ ගම්මිරිස් අස්වනු නෙළිමට සූදානම්ව පවතින බවත් පැවසූ ගොවීහු ඒ සඳහා සාධාරණ ස්ථාවර මිලක් නියම කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
ගම්මිරිස් සඳහා සාධාරණ මිලක් ලබානොදෙන්නේ නම් ඉදිරියේදී දැවන්ත විරෝධතාවක් පවත්වන බවද බදුල්ල දිස්ත‍්‍රික් ගම්මිරිස් ගොවීන් සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු ඉසුරුජීව බංඩාර මහතා පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගම්මිරිස් වගාකරුවෝ අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලති