(එස්. ඩී.කොඩිකාර)
නීතිවිරෝධීව රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා කොස් දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද(02) නාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්පමුණුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු බලපත්‍ර නොමැතිව ධාවනය කරමින් තිබූ මෙම කුඩා ලොරි රථයේ පිටුපස ආවරණය කර තිබූ බවත්, පොලිස් නිලධාරීන්ට සැක සිතී එය පරීක්ෂා කළ බවත්, එහි තිබී ඉරන ලද දැව තොගයක් හමු වූ බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කොස් දැව පොලිසිය බාරයට ගෙන ඇත.
දැව තොගය, ලොරි රථය සහ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාලිම්බඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීතිවිරෝධීව කොස් දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට