(ඔගස්ටින් ප්‍රනාන්දු)
පාස්කු ප්‍රහාරයෙන් පසු මුහුණු පොතේ පළ කර තිබූ සටහනකට පිළිතුරු දුන් තම පුතා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පවසන පුත්තලම ප්‍රදේශයේ මව්පිය යුවළක් සිය පුතා හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටිති.
මෙම දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්නේ තොඩුවාව සිගිති මාවතේ පදිංචි මා පිය යුවළකි. ඒ වර්ණකුලසුරිය ඉවෝන් දීප්ති ප්‍රනාන්දු (51) සහ පෝරුතොටගේ මේරි ප්‍රියංගිකා ප්‍රනාන්දු ( 48 ) යුවළයි. ධීවර වෘත්තිය රැකියාව කර ගෙන සිටින ඔවුන්ට වර්ණකුලිය සුරිය රමේශ් චාමක ප්‍රනාන්දු ( 27) සහ වර්ණකුලසුරිය පසිදු සදරංග ප්‍රනාන්දු ( 17 ) නමින් පුතුන් දෙදෙනෙක් සිටිති.
වර්ණකුලසුරිය ඉවෝන් දීප්ති ප්‍රනාන්දු ( 51 ) මහතා තම වැඩිමහල් පුතු මුහුණ දි සිටින අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ කියා සිටියේය.
"ලොකු පුතා වන රමේශ් 2014 වසරේ දි සංචාරක වීසා ලබා ගෙන ඩුබායි ගිහින් පස්සේ එහේ රස්සාවක් හොයා ගත්තා. මුලින්ම රෙස්ටුරන්ට් එකක සේවය කළා. පස්සේ නිත්‍යනුකුලව ඇට්ලැන්ටික් පාම් බීච් හොටෙල් හි ජිවිතාරක්ෂකයෙකු ලෙසින් පත්වීමක් ලබා ගෙන කටයුතු කළා. පුතා දෙවරක් ලංකාවට ආවා. තුන්වන වරට 2018 ජුලි 27 වන දින ඩුබායි බලා ගියා.
පසුගිය මැයි 22 වන දින ඩුබායි වල ඉන්න පුතාගේ මිතුරෙක් රහම්ශ් පුතාගේ තොඩුවාවේ මිතුරෙකුට කෝල් කරලා රමේශ්ව ඩුබායි පොලිසිය අත් අත්අඩංගුවට ගත්තායි දන්වා තියෙනවා. සොයා බැලූවිට කතාව ඇත්ත බව අප දැන ගත්තා. ඩුබායි පොලිසිය පුතාව අත්අඩංගුවට අරන් තියෙන්නේ අපේ රටේ පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට අයෙක් මුහුණු පොතේ පළ කර තිබූ සටහනකට පිළිතුරක් දැම්මා කියමින්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපේ රටේ තරුණයන් හත් දෙනෙක් ඩුබායි පොලිසිය අත්අඩංගුවට අරං හතර දෙනෙකුව මුදා හැරලා. පුතාවයි මඩකලපුවේ හා ගල්කිස්සේ වශයෙන් තුන් දෙනෙකුව රිමාන්ඩ් කරලා ඉන්න්න බව අපි දැන ගත්තා.මේ සම්බන්ධයෙන් අප මැයි මාසේ 23 දා හලාවත විදේශ රැකියා පුහුණ මධ්‍යස්ථානයටත් මැයි 28 දින කොළඹ විදේශ රැකියා කාර්යාංශයට විදේශ අමාත්‍යාංශයට ගිහින් පැමිණිළි කළා. අද වන තෙක් අපට පුතා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා ගන්න බැරිව ගියා. අපේ පුතා මිනි මරලා හොරකම් කරලා නැහැ. කවුද දාපු අදහසකට සටහනක් තමයි දාලා තියෙන්නේ. අනේ අපි ඉල්ලා සිටින්නේ අපේ පුතාව ඉක්මණට ලංකාවට ගෙනත් දෙන්න කියලයි ඉල්ලන්නේ" යයිද කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාමර අංක 20 පරිපාලන නිලධාරිනී අනුරාධ සමරසුන්දර මහත්මිය මෙසේ සදහන් කළාය.
"මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප වෙත පැමිණිල්ලක් ලැබි තියෙනවා. අපි පසුව මේ සම්බන්ධයෙන් ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පරීක්ෂණයක් කර වාර්තාකරණ ලෙස දැනුම් දි තියෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයට මැදිවි සිටින රමේෂ් දෙමාපියන් වෙත ද දැනුම් දී තියෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය යළි දැනුවත් කරන්නම්" යැයි පැවසුවාය.



2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩුබායි අත්අඩංගුවේ සිටින පුතා ලංකාවට ගෙන්වන්නැයි ආයාචනයක්