(ඩී.ජී.සුගතපාල)
බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ දී අද (2) දහවල් පුද්ගලයකු කඩුවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ බටපොල තිලකපුර පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මියගිය අය තමාගේ වෙළඳසලට මස් ගෙනයාම සඳහා කොබෙයිතුඩුව ප්‍රදේශයේ මස් වෙළඳසළකට පැමිණි අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි තිදෙනෙකු ඔහුට පහරදීමට සූදානම් වනවිට ඔහු වෙළඳසැලෙන් එළියට පැන දුවගොස් තිබේ.
එසේ දුව යන විට පිටුපසින් හඹාගිය තිදෙනා අසළ වෙල්යායකදී ඔහුට කඩුවලින් පහරදී ඝාතනය කර ඇත.
මියගිය අය මනුෂ්‍ය ඝාතන නඩුවක විත්තිකරුවකු බවත් මෙය දෙපිරිසක් අතර කලක පටන් පැවති ආරවුලක් මත සිදුව ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බටපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ කඩුව හදිසි නීතියට අයිති වෙන්නේ නැද්ද නීතිය පිරිසකට විතරද ?