IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ත්‍රිරෝද රථයක බැටරි සොරකම් කළ අයෙකු අත්අඩංගුවට

(සම්පත් ප්‍රියනන්දන) 

ත්‍රිරෝද  රථයක  බැටරි  සොරකම් කළ  පුද්ගලයකු  අද(03)  අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට  ගෙන ඇත්තේ  කැප්පෙටිපොළ, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

බලන්ගොඩ ඇල්ලේපොළ ප්‍රදේශයේ  වෙළඳසැලක් අසළ රාත්‍රී කාලයේ  නතර කර තිබූ  ත්‍රිරෝද රථයකින් මෙම සැකකරු බැටරි  ගලවා තිබූ බවද ඔහු ත්‍රි රෝද රථයකින් එහි පැමිණ තිබූ බවද පොලිසිය කියයි. 

බැටරි  ගලවන අවස්ථාවේදී එහි හිමිකරු එය  දැක  ඇති  අතර, එවිට  සැකකරු  පැමිණි  ත්‍රිරෝද රථයත්  දමා  පළා ගොස්  ඇත. පසුව  ත්‍රිරෝද රථ හිමිකරු  119  පොලිස් හදිසි  ඇමතුම් ඒ බව දන්වා තිබිණි.

මොහු  අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවට පොලිසිය කළ පරීක්ෂණවලින්  අනාවරණය  වී ඇත.

සැකකරු  හෙට(04) බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ත්‍රිරෝද රථයක බැටරි සොරකම් කළ අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32359 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14868 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site