(සමන් පාලිත නානායක්කාර )
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ උඩවිහාරගල ප්‍රදේශයේදී අද(3) උදෑසන යතුරුපැදියක් හා කැබ් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ හරන්කහව පදින්චිව සිටි බන්ධනාගාර සේවකයෙකි.
හපුතලේ දෙස සිට බෙරගල දෙසට ධාවනය වූ කැබ් රථය හපුතලේ දෙසට ධාවනය වූ යතුරු පැදියක ගැටී පිටුපසින් පැමිණි ලොරියකට යටවී ඔහු මිය ගොස් ඇත.
හපුතලේ පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd