IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


භාරතීපුරම් දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් ඉල්ලා විරෝධතාවක්

(සිතුම් චතුරංග)

කිලිනොච්චිය 55 හන්දිය අසළ භාරතීපුරම් දුම්රිය හරස්මාර්ගය සඳහා විදුලි ආලෝක සංඥා වෙනුවට දුම්රිය ගේට්ටුවක් සවිකරන ලෙස ඉල්ලා කිලිනොච්චි ප්‍රදේශවාසීහු පිරිසක් අද(03) උදෑසන විරෝධතාවක නිරතවූහ.
 
ඔවුන් දුම්රිය හරස්මාර්ගයට පැමිණ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් භාරතීපුරම් හා කිලිනොච්චිය අතර  මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවිය.
 
පසුගිය 25 වැනිදා යුද හමුදා ලොරි රථයක් දුම්රියේ ගැටී හමුදා සෙබළුන් හයදෙනකු ජීවිතක්ෂයට පත්වුයේ දුම්රිය අලෝක සංඥා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් යැයි සැකයක් මතුවී ඇති බවද මේ හේතුවෙන්  දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුවක් සවිකරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
            
දෛනිකව මෙම දුම්රිය හරස්මාර්ගය ඔස්සේ පාසල් සිසුන්, රාජ්‍ය සේවකයින් ඇතුළු දහස් ගණනක් ජනතාව ගමන්ගන්නා බැවින් අලෝක සංඥා පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව විරෝධතාකරුවෝ පැවසූහ.
                        
විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි කිලිනොච්චිය කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී සි.ජේ. පුෂ්පකුමාර මහතා විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කර අදාළ ගැටලුව සඳහා ස්ථීර විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවිය.
 
ගැටලුව සම්බන්ධයෙන් ලිඛිතව දැනුම්දෙන ලෙසත් ඉන් පසු නව දුම්රිය ගේට්ටුවක් ලබාදෙන බවත් එම ස්ථානයට පැමිණි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසූ පසු ඔවුහු විරෝධතාව අවසන් කළහ.

 



අදහස් (0)

භාරතීපුරම් දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් ඉල්ලා විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32359 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14868 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site