(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය වට්ටක්කාවත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එම ප‍්‍රදේශයේම පිහිටි ළිඳක තිබී අද (02) සොයා ගත් බව කුලියාපිටිය පොලිසිය පැවැසීය.
මෙසේ මියගොස් ඇත්තේ වයඹ විද්‍යාපීඨයේ සේවය කරන 46 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
මොහු යාබද ඉඩමක පිහිටි ආරාමයක් සඳහා ළිඳක් සෑදීමේ කොන්ත‍්‍රාත්තුවක් ගෙන කටයුතු සිදුකරමින් සිටි බවත් නිවසට නොපැමිණීම සම්බන්ධව නිවැසියන් සොයාබලා ඇති අතර පසුව පොලිසියට දැනුම් දී තිබේ.
එම පුද්ගලයාගේ පාවහන් ළිඳෙහි පාවෙමින් තිබෙනු දැක ඇති පුද්ගලයෙකු ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.
මෘත දේහයේ මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් කැලූම් හෙට්ටිගමගේ මහතා විසින් සිදුකළ අතර සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරන ලෙසට එහිදී කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුලියාපිටියේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක්