IMG-LOGO

බෙලිඅත්තේ නිවාස ව්‍යාපෘති 5 කට එරෙහිව නීතිමය පියවර

(අනීෂා මානගේ)

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව සභාවේ තීරණවලට එරෙහිව බල ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින්නේ යැයි කියන නිවාස ව්‍යාපෘතී පහකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිවලට කැබැලි සැලසුම්, ගොඩනැගිලි සැලසුම් සහ නිවාස ව්‍යාපෘතීය සඳහා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගෙන නොමැති බව සභාපතිවරයා කීය.

තවද අක්කර දෙකහමාරක වඩා වැඩි භූමි ප්‍රමාණයකින් යුතු, ඵලදාව ලබන පොල් ඉඩම් කැබැලි කිරීම තහනම් කරමින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව මගින් සම්මත කරගෙන ඇති නීතිය උල්ලංඝණය කරමින් මෙම නිවාස ව්‍යාපෘතිය සිදුකරගෙන යන බව ද සභාපතිවරයා පැවසීය.

මෙම සැලසුම් අනුමත කරන ලෙස නිවාස සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නද එය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම නිසා එම අනවසර ඉදිකිරීම් නැවැත්වීමට මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු කීය.

මෙම නිවාස ව්‍යාපෘතිවල නිවාස ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඇතැම් නිවෙස්වල අත්තිවාරම දමා ඇති අතර තවත් ඒවායෙහි බිත්ති බැඳීම ද ආරම්භ කර ඇති ආකාරය දක්නට හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපති සිරිල් මුණසිංහ මහතා මෙසේ පැවසීය.

"බෙලිඅත්ත ප්‍රාදේශීය බල බලදේශයේ නිවාස ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක වෙනවා. රටෙහි නීතියට පටහැනිවයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. කිසිදු ගොඩනැගිලි සැලසුමක් හෝ ඉඩම් කැබලි කිරීමට සභාවේ අනුමැතියක් ලබාගෙන නැහැ. නිවාස සංවර්ධන අධිකාරියට හිතූ හිතූ විදියටයි මේවා සිදුකරන්නේ.

බෙලිගල්ල ප්‍රදේශයේ අක්කර 7 ක ඉඩමක පොල්ගස් 135 ක් ගලවා තමයි නිවාස යෝජනා ක්‍රමය හදන්නේ. සිටිනාමළුව ප්‍රදේශයේ අක්කර හතක ඉඩමක පොල් ගස් 460 ක්, දම්මුල්ල ප්‍රදේශයේ අක්කර 8 ක පොල්ගස් 310 ක් ද වාඩිය ප්‍රදේශයේ අක්කර 5 ක ඉඩමෙහි පොල්ගස් 180 ක් ද ගලවා ඉවත්කර තිබෙනවා. බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙන් නීතියක් අපි සම්මත කරගෙන තිබෙනවා, අක්කර දෙකහමාරකට වඩා වැඩි ඵලදාව ලබන පොල් ඉඩම් කැබැලි කිරීම තහනම් කිරීමට. පොල් සංවර්ධන මණ්ඩලයෙන් හෙක්ටයාර දෙකකට වඩා වැඩි පොල් ඉඩම් කැබැලි කිරීම තහනම් කර තිබෙනවා. මේ නීතින් වලට පටහැනිවයි මෙම නිවාස ව්‍යාපෘතිය සිදුකරන්නේ" යැයිද හෙතෙම පැවසීය.



අදහස් (0)

බෙලිඅත්තේ නිවාස ව්‍යාපෘති 5 කට එරෙහිව නීතිමය පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 623 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 351 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 494 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site