(සිතුම් චතුරංග)
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, ඔඩියමලේ ප‍්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි වල් අලියකු අද (02) මුලතිව් වනජීවි නිලධාරීන් විසින් බේරාගනු ලැබීය.
ඔඩියමලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අනතුරටපත් අලියකු පිළිබඳ පෙරේදා (01) රාති‍්‍රයේ කළ දැනුම්දීමෙන් අනතුරුව මුලතිව් වනජීවි අඩවි ආරක්ෂක නිලධාරී හේමජිත් මනුප‍්‍රිය මහතා ඇතුඵ නිලධාරී කණ්ඩායමක් කළ සොයාබැලීමකදී ළිද තුළ සිරවී සිටි අලියා සොයාගෙන ඇත.
උසින් අඩි අටක් පමණ වයස අවුරුදු 20 පමණ වූ මෙම අලියා රාත‍්‍රී කාලයේ ආහාර සොයා ගමන් කිරීමේදී ළිදට වැටී ඇති බව වනජීවි නිලධාරීහු පවසති.
අනාරක්ෂිත ළිදකට වැටී සිටිම හේතුවෙන් අවදානම් තත්ත්වයේ සිටි අලියා බේරාගැනීම සදහා බැකෝ යන්ත‍්‍ර යොදාගනිමින් පැය තුනකට අධික කාලයක් වනජීවි නිලධාරීන් විසින් දැඩි පරිශ‍්‍රමයක් යොදා ක‍්‍රියාත්මක කළ මෙහෙයුමකින් අනතුරුව අලියා ගොඩගැනීමට හැකිවිය.
ළිදෙන් ගොඩගනු ලැබූ අලියා ආරක්ෂිත කැළෑ ප‍්‍රදේශයක් වෙත පලවා හැරියේය.
අලියා ගොඩගැනීමේ මෙහෙයුම සදහා කිලිනොච්චිය වනජීවි කළාප සහකාර අධ්‍යක්ෂ ඩි.යු. සාරංග මහතාගේ උපදෙස් මත මුලතිව් වනජීවි අඩවි ආරක්ෂක නිලධාරී හේමජිත් මනුප‍්‍රිය මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ වනජීවි නියාමකවරුන් වන අයි.ඩි.වීරකෝන් , කේ.එන්.දිනුවන්ත, එම්.ඒ පේ‍්‍රමරත්න ඇතුළු කණ්ඩායමක් හා යුද හමුදා සෙබලු ඇතුළු ප‍්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටියහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අනාරක්ෂිත ළිඳකට වැටුණු අලියෙක් වනජීවී සහයෙන් ගොඩට