( ඔගස්ටින් ප්‍රනාන්දු)
ආනමඩුව හලාවත මාර්ගයේ පල්ලම සේරු කැලේ ප්‍රදේශයේ දි අද (3) වෑන් රථයක් හා ලොරි රථයක් එකට ගැටී සිදුවූ අනතුරකින් පස්දෙනෙකු බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පල්ලම පොලිසිය කියයි.
තුවාලකරුවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වුයෙන් එම දෙදෙනා කොළඹ ජාතික රෝහලට යැවු බවත් සියලු තුවාලකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අය බවත් පොලිසිය කියයි.
කැනඩාවේ සිට දිවයිනට එන සිය ඥාතියෙකු රැගෙන ඒම පිණිස එම පිරිස සුපිරි වෑන් රථයකින් යාපනේ සිට අනුරාධපුර මහව හරහා කටුනායක ගුවන් තොටුපල බලා යමින් සිටියදී පල්ලම සේරුකැලේ ප්‍රදේශයේ දි දර පටවා ගෙන යමින් සිටි ලොරියක ගැටි මෙම අනතුර සිදුව ඇත.
වෑන් රථයේ රියදුරුට හදිසියේම නින්ද යාම නිසා අනතුර සිදුව ඇති බවත් එහි රියදුරුද තුවාල ලබා ඇති බවත් කියයි.
වෑන් රථයට දැඩි හානි සිදුව ඇත.
ලොරි රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති පල්ලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරින් 5ක් රෝහලේ