(එස්. ඩි. කොඩිකාර)
සුළු අපනයනය බෝග මිල හිතාමතා කුමන්ත්‍රණකාරී ලෙස පහත හෙළීම සඳහා රජයේ ඇමැතිවරුන් කිහිප දෙනෙකු කටයුතු කරමින් සිටින බව පවසමින් සහ ඊට විරෝධය දක්වමින් ගොවීහු පිරිසක් අද (29) පෙරවරුවේ නෙලුව බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
මෙහිදී විරෝධතාකරුවෝ කුරුදු ගස්, තේ ගස් පොළොවේ ගසමින් විවිධ සටන් පාඨ ලියූ බැනර් පුවරු අතැතිව උද්ඝෝෂණයේ නිරත වූහ.
ඔවුන්ට සහාය දැක්වීම සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල, නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.අයි.ජී. සුනිල්, උප සභාපති සංජීව කුමාරගේ යන මහත්වරු ද මේ සඳහා එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd