(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මැල්පුර සේද උයන ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික නවාතැන්පළකට විරෝධය පළ කරමින් අද (29) පෙරවරු හලාවත නගරවාසීහු පිරිසක් විරෝධතාවක නිරතව සිටියහ.
සේද උයන එකමුතු සුභ සාධක සංගමයේ මෙහෙයවීමෙන් මෙම විරෝධතාව පැවැති අතර ඊට ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියහ.
ප්‍රදේශවාසින්ගේ විරෝධතාව නොතකා බලගතු හස්තයක ආධාරයෙන් අනුමැතිය ලබා සීමිත ඉඩකඩක ඉදිකර ඇති ගොඩනැගිල්ලක මෙම නවාතැන්පළ පවත්වා ගෙන යනු ලබන අතර එහි කාමර කුලියට දීම නිසා විවිධ අසංවර කටයුතු සිදුවන බවත්, ළාබාල ගැහැණු දරුවන් නිතර මෙම නවාතැන වෙත රැගෙන එනු දකින බවත් හේතුවෙන් එය තහනම් කරන ලෙසින් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා හලාවත නගරසභාව වෙත තම විරෝධතාව ලිඛිත විරෝධය ඉදිරිපත් කර ඇති බවත් විරෝධතාකරුවෝ කීහ.
පැයක පමණ කාලයක් විරෝධතාව පැවැති අතර පසුව පිරිස විසිර ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd