(කවිතා සුබසිංහ)
ගුල්ලන් හෝ කෘමීන් හානි කරන ලද පරිප්පු, මුං, කවුපි ආදී ධාන්‍ය වර්ග ගබඩා කිරීම හා නිෂාපාදනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අයකු රුපියල් 10,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද ( 27) වැනි දා නියම කළේය.
ධාන්‍ය වර්ග හත් ලක්ෂ පනස් අටදාස් තිස් පහක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් එහි ගබඩා කර තිබී ඇති අතර, මාබිම පිහිටි ආහාර ගබඩාවක භාරකරු වශයෙන් කටයුතු කළ එන්.මොහොමඩ් මොහොමඩ් සිද්ධි නැමති අයකු මෙලෙස ඇප මත මුදා හැරිණි.
මාබිම පිහිටි ආහාර ගබඩාවක තිබී ඉකුත් 26 වැනි දා අත්අඩංගුවට ගත් ධාන්‍ය තොගය එම ස්ථානයේ ම රඳවා තබාගෙන ඇතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසීය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීම ට ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
වැඩිදුර විමර්ශන සඳහා ජූලි මස 04 වැනි දා නඩුව නැවත කැඳවන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd