IMG-LOGO

භාවිතයට නුසුදුසු ආහාර ගබඩා කළ අයෙක් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහරී

(කවිතා සුබසිංහ)

ගුල්ලන් හෝ කෘමීන් හානි කරන ලද පරිප්පු,  මුං, කවුපි ආදී ධාන්‍ය වර්ග ගබඩා කිරීම හා නිෂාපාදනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අයකු රුපියල් 10,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද ( 27)  වැනි දා නියම කළේය.

ධාන්‍ය වර්ග  හත් ලක්ෂ පනස් අටදාස් තිස් පහක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක්   එහි  ගබඩා කර  තිබී  ඇති අතර, මාබිම පිහිටි ආහාර ගබඩාවක භාරකරු වශයෙන් කටයුතු කළ එන්.මොහොමඩ් මොහොමඩ් සිද්ධි නැමති අයකු මෙලෙස ඇප මත මුදා හැරිණි.
 
මාබිම පිහිටි ආහාර ගබඩාවක තිබී  ඉකුත් 26 වැනි දා අත්අඩංගුවට ගත් ධාන්‍ය තොගය එම ස්ථානයේ ම රඳවා තබාගෙන ඇතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසීය.
 
මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීම ට ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
 
වැඩිදුර විමර්ශන සඳහා ජූලි  මස  04 වැනි දා නඩුව නැවත කැඳවන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා නියම කළේය.



අදහස් (0)

භාවිතයට නුසුදුසු ආහාර ගබඩා කළ අයෙක් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 659 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 499 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site