IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂ 2 ට ආසන්න හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

(එෆ්.අස්ලම් සහ පාලිත ආරියවංශ) 

රුපියල් 180,000 ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් පැකටු 60ක් තැන තැන සැගවමින් සිටි සැකකරුවකු බදුල්ල දිසා විශ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අද (28)  අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 15 ක පමණ ප්‍රමාණයක් ද පොලිසිය බාරයට ගෙන ඇති අතර සැකකරු හාලිඇල උඩුවර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි  පුද්ගලයෙකි.

බදුල්ල දිසා විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ලැබුණු තොරතුරකට අනුව කරන දීර්ඝ විමර්ශනයට අනුව සැකකරු උඩුවර පිරිවෙන අසළ මාර්ගයේ හෙරොයින් සඟවමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සෝදිසියට ලක් කිරීමේදී හෙරොයින් පැකට් 54 ක් ඇඳුම් තුළ සගවා තිබියදී සොයා ගැණිනි.

සැකකරු ඒ අවස්ථාව වනවිටත් පැකට්ටු හයක් සඟවා තිබුණු බව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

සැකකරු මීට පෙරාතුවද හෙරොයින් චෝදනාවන් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයකු බව පැවසේ. ඔහු යුද හමුදාවේ කලක් සේවය කර පළා ආ පුද්ගලයකු බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බදුල්ල දිසා විස මත්ද්‍රව්‍ය ඒකකය මගින් සිදුකරන අතර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප - පාලිත ආරියවංශ)



අදහස් (0)

ලක්ෂ 2 ට ආසන්න හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32347 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14860 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 95 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site