IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


සමූපකාර නාමයෝජනා ගැනීම තහනම් කරන්නැයි ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

රොහාන් කුමාර දිසානායක

 

ගලිගමුව සමුපකාර ඡන්දය සහ නාමයෝජනා බාරගැනීම නතර කරන ලෙස තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කෑගල්ල මහාධිකරණයේ පවරා තිබූ පෙත්සම අද (28) කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ප්‍රතික්ෂේප කළේය.

ගලිගමුව සමුපකාරය සඳහා නිලධාරීන් තේරීමට නාමයෝජනා බාරගැනීම හෙට (29) සහ අනිද්දා (30) දින දෙක සහ ඡන්දය විමසීම ජුලි 13,14, දෙදින ඡන්දය පැවැත්වීමට නියමිතව තිබිණි.

ඊට විරුද්ධව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ගලිගමුව සමුපකාර මණ්ඩල සභික සුනිල් පෙරේරා මහතා නීතිඥ සේනක ඉලංගම්තිලක මහතා මගින් අද (28) කෑගල්ල මහ අධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබිණි.

එම පෙත්සම විමසීම සඳහා ගනු ලැබූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සිත්තිරා වෙදසේකර මහත්මිය කියා සිටියේ මෙම පෙත්සම්කරු ද නියෝජිතයකු බැවින් මෙම පෙත්සම සත්භාවයෙන් තොර වූවක් බව පවසමින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

දෙපාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලු මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම ප්‍රතික්ෂේප කරමින් 29,30 දෙදින නාමයෝජනා බාරගැනීම සිදු කරන ලෙසත් ජුලි 13,14,දෙදින ඡන්ද විමසීම පවත්වන ලෙස ද නියෝග කළේය.

 



අදහස් (0)

සමූපකාර නාමයෝජනා ගැනීම තහනම් කරන්නැයි ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32346 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14858 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 95 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site