(රංජිත් රාජපක්ෂ)
හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතුයායේදී අතුරුදන් වූ තිදරු මවකගේ සිරුර හැටන් ඔයේ තිබී අද(28) හමු වූ බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ හැටන් ස්ටැඩන් වතුයායේ පදිංචි පොන්නයියා තනපාක්යම් නැමති 79 හැවිරිදි තිදරු මවකි.
මෙම කාන්තාව ඉකුත් 21 දින සිට අතුරුදහන්ව ඇති බවට පවුලේ ඥාතීන් හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය සහ වතු කම්කරුවෝ ඇය පදිංචිව සිටින නිවස අසළ හැටන් ඔය පෙදෙස සෝදිසි කළහ. එහිදී වටවල ප්‍රදේශයේ හැටන් ඔයේ පාවෙමින් තිබූ සිරුරු සොයාගෙන තිබිණි.
කාන්තාවගේ සිරුර ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගත් බවත්, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත් හැටන් පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd