(රංජිත් රාජපක්ෂ)
හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතුයායේදී අතුරුදන් වූ තිදරු මවකගේ සිරුර හැටන් ඔයේ තිබී අද(28) හමු වූ බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ හැටන් ස්ටැඩන් වතුයායේ පදිංචි පොන්නයියා තනපාක්යම් නැමති 79 හැවිරිදි තිදරු මවකි.
මෙම කාන්තාව ඉකුත් 21 දින සිට අතුරුදහන්ව ඇති බවට පවුලේ ඥාතීන් හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය සහ වතු කම්කරුවෝ ඇය පදිංචිව සිටින නිවස අසළ හැටන් ඔය පෙදෙස සෝදිසි කළහ. එහිදී වටවල ප්‍රදේශයේ හැටන් ඔයේ පාවෙමින් තිබූ සිරුරු සොයාගෙන තිබිණි.
කාන්තාවගේ සිරුර ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගත් බවත්, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත් හැටන් පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුර හැටන් ඔයෙන් හමුවෙයි