(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය ඉදුරාගාර හන්දියේදී බස් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක රෝහලට ඇතුළත් කිරීමේදී අද(28) මියගොස් ඇතැයි දිවුලපිටිය රථවාහන අංශය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ දූනගහ ඉදුරාගාර චාර්ලිස් පටුමගේ විසූ රන්කොත් පේඩිගේ මාලනී නැමැති 65 හැවිරිදි එක්දරු මවකි.
රැකියාවට යාම සඳහා දිවුලපිටිය සිට මීගමුව බලා යන පෞද්ගලික බසයට ගොඩවන්නට යාමේදී රියදුරා බසය ඉදිරියට ගෙන ඇතැයි ද ඒ අවස්ථාවෙ ඇය අනතුරට ලක්ව ඇතැයිද පොලිසිය කියයි.
ඇයව දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මරණයට පත්ව ඇති බව හෙළි වී ඇත.
දිවුලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd