IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


අණ නොතකා ධාවනය කළ ලොරියක් අල්ලයි

(රෝහණ සමරවීර)

පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කරවූ ලොරි රථයකට අද (29) හිමිදිරියේ  වෙඩි තබා නතර කර  පරීක්‍ෂා කිරීමේදී නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 8ක් එහි සිටි බවත්, සැකකරුවන් දෙදෙනෙකු සමග ලොරිරථය අත්අඩංගුවට ගත් බවත් ගොඩකවෙල පොලිසිය කියයි.

එහි සිටි ගවයින්ගේ පාද එකිනෙකට ගැට ගසා හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි බවත්, එම ගවයන් මස් පිණිස රැගෙන යමින් සිට ඇති බව පොලිසිය කියයි.

ඇඹිලිපිටිය දෙස සිට අධික වේගයෙන් රත්නපුර දෙසට ගමන් කරමින් තිබූ කුඩා ලොරි රථයක්  දුටු පොලිස් නිලධාරීන් එය නතර කරන ලෙසට අණ කර ඇතත් එය නොතකා එම රථය පලාගිය බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදියෙන් එම රථය පිටුපස  හඹා ගොස් නතර කරන ලෙස නැවැත නැවැතත් අණ කළද එය නොතැකූ පලා යන රථයේ රියදුරු තම පොලිස් යතුරු පැදිය ලොරි රථයේ ගැටීමට කීප වතාවක්ම උත්සාහ කළ බව පොලිසිය කියයි.

ගොඩකවෙල සිට කිලෝ මීටර් 5ක් පමණ දුරක්  රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ  රත්නපුර දෙසට පලා යමින් තිබුණු ලොරිරථය මාදම්පේ හන්දියෙන් රක්වාන දෙසට ගමන් කළ බව පොලිසිය කියයි.

එම මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 3ක් පමණ පොලිස් නිලධාරීන් දෙදෙනා එම රථය පිටුපස හඹා ගොස් ඇතත් පොලිස් අණ නොතකන බව තේරුම් ගත් පොලිස් නිලධාරීන්  සිය පිස්තෝල අවියෙන් වෙඩි 2ක් එල්ල කර ඇත. එම අණත් නොතැකූ නිසා රථයේ රෝදවලට වෙඩි නැවත වතාවක් තැබීමට සිදු වූ බව පොලිසිය කියයි.

වෙඩි වැදීමේදී ලොරි රථය මාර්ගයේ නතර වූ බවත් පසුව ගොඩකවෙල පොලිසියේ නිලධාරීන් හා රක්වාන පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ එම ගවයන් සහිත ලොරි රථය හා සැකකරුවන් ගොඩකවෙල පොලිස් ස්ථානයට රැගෙන පැමිණි බව පොලිසිය කියයි.

එම ගවයන් සෙවනගල හත්පෝරුව ප්‍රදේශයේ සිට රක්වාන  ප්‍රදේශයට මස් පිණිස රැගෙන යමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.

එම සැකකරුවන් හා භාණ්ඩ තොගය පැල්මඩුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ගොඩකවෙල පොලිසිය ඉදිරි පරීක්‍ෂණ සිදුකරයි.



අදහස් (0)

අණ නොතකා ධාවනය කළ ලොරියක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32347 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14860 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 95 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site