IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොළොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා

(ක.ග කරුණාරත්න)

මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක  වෙසෙන පවුල් 3523 කට අයත් පුද්ගලයින් 11225 ක් පානීය ජල හිඟයකට මුහුණපා ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

වැලිකන්ද සහ දිඹුලාගල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රජයේ පාසල් 08 කට අයත් සිසු දරුදැරියන් 2538 කටද පානීය ජල හිඟය බලපා තිබේ.

මහජනතාව වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.එ හි ග‍්‍රාම නිලධාරී වසම් 08 ක පවුල් 2374 ක පුද්ගලයින් ගණන 7791 කි.ඊට අමතරව වැලිකන්දේ පාසල් 04 ක ඉගෙනුම ලබන ළමුන් 928 කටද පානීය ජල හිඟය බලපා ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.

දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 08ක පීඩාවට පත් පවුල් ගණන 1049 ක් වන අතර එහි සාමාජික සංඛ්‍යාව 3009 කි. දිඹුලාගල පාසැල් 4කටද පානීය ජල ගැටළුව බලපා තිබෙන අතර එහි ඉගෙනුම ලබන ළමුන් ගණන 1510කි.

ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 100කට අයත් පුද්ගලයෝ 425ක්ද පානීය ජල හිඟයෙන් පීඩා විඳින බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂවරයා කීය.

පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පානීය ජල හිඟය බලපා තිබෙන ගම්මානවල ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් සපයා දීමට අදාල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පියවර ගෙන තිබෙන බව නානායක්කාර මහතා කීය.



අදහස් (0)

පොළොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site