(රන්න චන්ද්‍රසේන ගමගේ)
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (21) සිට පවත්වාගෙන යනු ලබන දුම්රිය වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පිවිසෙන ප්‍රවේශ මාර්ගයද එහි ආරක්ෂක අංශ විසින් අද (22) දින වසා තබා තිබුණි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයේ නිලධාරීන් හැරෙන්නට කිසිදු දුම්රිය සේවකයෙකු ඊයේ (21) දින මෙන්ම අද (22) දිනයේද සේවයට වාර්තා කොට නොතිබිණි. එමෙන්ම ඊයේ (21) මෙන්ම අද දිනයේදී බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව දුම්රියක් ගමන් අත්හිටුවීමට සේවකයන් විසින් පියවර ගෙන තිබුණි.
දුම්රිය ආරක්ෂක අංශය විසින් බෙලිඅත්ත දුම්රිය ස්ථානාධිපතිවරයාගේ නිලකාමරයද මුද්‍රා තබා තිබුණි.
වැඩ වර්ජනය නිසා ඊයේ සහ අද දිනයේදී දුම්රිය ගමන් වාර 13ක් පමණ අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය ආරක්ෂක නිලධාරීහු පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආර්ථිකය වැටිලා තිබෙන අවස්ථාවක මෙවැනි ඉල්ලීම් ඉල්ලමින් වැඩ වර්ජන කිරීම සහ දුම්රියස්ථාන වසා දැමීම ත්‍රස්තවාදී ක්‍රියාවකි .