(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව ටිරොන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය අසළදී අද(24) ත්‍රිරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ කොළඹ, මරදාන සාමපුර මහල් නිවාසයක පදිංචිව සිටි ඩබ්ලිව්.එච්. නිශාමන් කැලුම් චන්දසේන නමැති 53 හැවිරිදි පුද්ගලයෙකි.
ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ගඩොල් පැටවූ ලොරිය රාවතාවත්ත සිට පැමිණ ගාලුපාර හරහා කොළඹට ධාවනය කිරීමට යාමේදී රියැදුරුට නිසි අයුරින් රථය හරවාගත නොහැකිව එය ආපස්සට ධාවනය කර ඇතැයි ද එම අවස්ථාවේදී අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් පුද්ගලයා බව පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ත්‍රිරෝද - ලොරි රථ අනතුරින් අයෙක් මරුට