IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නුවරඑළියට හෝරා ස්ථම්භයක්

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
ඉංග්‍රීසින් විසින් 1828දී ආරම්භ කරන ලද නුවරඑළිය නගරයට විශාල අඩුපාඩුවක්ව පැවැති හෝරා ස්ථම්භයක් රුපියල් ලක්ෂ 33 ක් වියදම් කරමින් 306 C 2 නුවරඑළිය සිංහ සමාජය විසින් අද (22) මහේන්ද්‍ර අමරසූරිය, නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න, නිමල් රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.  

ජාත්‍යන්තර සිංහල සමාජයට වසර 100 ක් පිරීම නිමිති කරගෙන හා නුවරඑළිය සිංහ සමාජයට
වසර 50 ක් පිරීම සංකේතවත් කරමින්, නගරයට ආලෝකයක් ගෙන දෙමින් නුවරඑළිය සිංහ සමාජය විසින් අනෙකුත් සිංහ සමාජ වල අධාරය මත මෙම හෝරා ස්ථම්භය නුවරඑළිය ලෝසන් වීදියේ එළිමහන් රංග පීඨයේ දී ස්ථාපිත කරන ලදි.  

නුවරඑළිය සීතාඑළිය ධර්මවිජයාරාමධිපති පූජ්‍ය දවුල්දෙන ප්‍රඥාසාර හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේලාගේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ මෙම ඔරලෝසු කණුව විවෘත කිරීමේ කටයුත්ත සිදු කරන්නට විය.  

මෙම අවස්ථාවට නුවරඑළියේ උප නගරාධිපතිනි යදර්ශනී පුත්තරසිගාමනි මහත්මිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුද, නුවරඑළිය සිංහ සමාජයේ සාමාජික සාමාජිකාවන් හා දිවයිනේ අනෙකුත් සිංහ සමාජ වල නියෝජිතයෝ එක්ව සිටියහ.

වර්තමාන නුවරඑළිය සිංහ සමාජයේ සභාපති සිංහ එම්.පි. සදිෂ් කුමාර මහතා ප්‍රධාන සිංහ සාමාජිකයින් මෙම හෝරා ස්ථම්භය ඉදි කිරීම සඳහා මූල්‍ය දායකත්වයක්ද ලබා දී තිබුණි. 



අදහස් (0)

නුවරඑළියට හෝරා ස්ථම්භයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site