ඉතාලියේ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මරුට ඉතාලියේ වෙරොනා නගර ආසන්නයේ පිහිටි මාර්ගයක ඊයේ (21) දහවල් සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. 22 June 2019
වෙන්නප්පුව වෙරළේ මළසිරුරක් මාරවිල කටුනේරිය මුහුදු වෙරළේ සිටියදි රැළි පහරකට ගසාගෙන ගිය 18 හැවිරිදි තරුණයකුගේ සිරුරක් අද (22) උදෑසන වෙන්නප්පුව කොළින්ජාඩිය වෙරළට ගොඩ ගසා තිබියදි සොයා ගත් බව පොලිසිය කියයි. 22 June 2019
රුපියල් 5000 හොර නොට්ටු 07 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට රුපියල් 5000 ව්‍යාජ නොට්ටු 07ක් සමඟ සැකකරුවකු කැකිරාව නගරයේදී අද (21) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පැවැසීය. 21 June 2019
බඳින තුවක්කුවක් පත්තු වී තුවාල ලැබූ අලියාට ප්‍රතිකාර බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා ඕමන්ත, පාලමොට්ටෙයි වැව ආසන්නයේ අසාධ් යතත්වයෙන් සිටි වල් අලියා වෙත අනුරාධපුර කලාප වනජීවී පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා ඇතුළු විශේෂ වනජීවි නිලධාරී කණ්ඩායමක් අද (21) ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළහ. 21 June 2019
මිද්දෙනිය බීජ නිෂ්පාදන ගොවිපළෙහි ගොවියෝ වීදි බසිති රජයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මිද්දෙනිය රජයේ බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපළ භූමියෙන් අක්කර 10 ක් ලබාගැනීමේ සැලසුමක් ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වමින් ගොවිපළෙහි සේවකයෝ අද(21) දෛනික රාජකාරිවලින් ඉවත් වී විරෝධතාවක යෙදීසිටිති. 21 June 2019
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරු අද(21) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ. 21 June 2019
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 4ක් අත්අඩංගුවට මහියංගණය දම්බරාව ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 7ක් සමඟ පුද්ගලයින් හතර දෙනෙකු අද (21) අත්අඩංගුවට ගෙන ඇතැයි මහියංගන පොලීසිය පවසයි. 21 June 2019
අමරපුර නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ අනුනායක නාහිමියෝ අපවත්වෙති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති බළන්ගොඩ කුසලධම්ම නාහිමියෝ අපවත්වූහ. 21 June 2019
වැඩි මිලට සහල් විකුණූ 22 කට නඩු නියමිත මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළඳසැල් හිමියන් 22 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ. 20 June 2019
‘උතුරු මැද පළාතේ ගුරුවරුන්ට වැටුප් වැඩි වී නැහැ’ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන ගැටලු හේතුවෙන් ජනවාරි මාසයේ සිට හිමිවීමට තිබූ වැටුප් වැඩිවීම් උතුරු මැද පළාතේ සමස්ත විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට මේ වනතෙක් ලැබී නැතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 20 June 2019
දුම්රියක් උඩරටදී පීලි පනී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රිය, උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 සැතපුම් කණුව අසළදී අද(20) පීලිපැනීමට ලක්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 20 June 2019
ට්‍රැක්ටර් - වෑන්රථ අනතුරින් තුවාල ලැබ තවත් අයෙක් මරුට පොළොන්නරුව දිඹුලාගල මිහිදු පෙරහර නැරඹීමට ගොස් නැවත ගමන් කරමින් සිටියදී කොළකනාවාඩිය දී සිදුවූ ට්‍රැක්ටර් වෑන්රථ අනතුරෙන් පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් එක් අයකු අද (20) මිය ගිය බව වැලිකන්ද පොලිසිය කියයි. 20 June 2019
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යමින් සිටි පිරිසගෙන් අයෙකුට ඇප බහුදින යාත්‍රාවකින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 29දෙනාගෙන් 27දෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමටත් දෙදෙනකු තවදුරටත් ජූනි 4 දක්වා බන්ධනාගාර ගතකිරීමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20)නියෝග කළේය. 20 June 2019
ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක සේවකයෝ වීදි බසිති කොළඹ දිස්ති‍්‍රක්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක සේවකයෝ තමන් සේවයේ නියුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද(20) විරෝධතාවයක නිරත වූහ. 20 June 2019
බඹරු ඇනීමෙන් 6 ක් රෝහලේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (20) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි. 20 June 2019
විදුහල්පතිවරයෙක් ඉල්ලා උද්ඝෝෂණයක් දැනට මාස 6 ක් තිස්සේ හිස්ව ඇති ඉමදුව ගා/හොරදුගොඩ ගිහාන් පතිරණ විදුහලේ විදුහල්පති පුරප්පාඩුවට ස්ථිර විදුහල්පතිවරයෙක් ලබාදෙන ලෙස ඉල්ලා එම විද්‍යාලය ඉදිරිපිටදී අද (20) උද්ඝෝෂණයක් පැවැත්විණි. 20 June 2019
මාතලේ නගර සබේ මන්ත්‍රීවරු වීදි බසිති මාතලේ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීව පිරිසක් අද(20) මාතලේ අඹගහමුල බස් නැවතුම්පළ ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 20 June 2019
කල්මුණේ හර්තාල් අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මූල්‍යය හා ඉඩම් බලතල සහිතව පූර්ණ මහලේකම් කාර්යාලයක් බවට පත්කරන ලෙස රජයට බලකරමින් අද (20) නැගෙනහිර පළාතේ දමිළ ජනතාව හර්තාල් විරෝධතාවයක් පැවැත්වූහ. 20 June 2019
ත්‍රිරෝද - ලොරි රථ අනතුරින් දෙදෙනෙක් මරුට හංවැල්ල ඇඹුල්ගම දිගලවත්ත හන්දියේදී අද(20) ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී කාන්තාවක සහ කුඩා දැරියක මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. 20 June 2019
බීමත් පුතෙක් නිවසකට ගිනි තබයි උස්වැව විජේසිංහගම ප්‍රදේශයේදී අද (20)අලුයම බීමතින් පැමිණි පුතෙකු සිය නිවසට ගිනි තබා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය පවසයි. 20 June 2019
ආරක්ෂක භටයෙකුට පහරදුන් ප්‍රා.සභා මන්ත්‍රී රිමාන්ඩ් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක භටයෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ ගෝලයෙකු අද (19) අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි පුත්තලම පොලිසිය පැවැසීය. 19 June 2019
පොසොන් සමයේ අ'පුරේ මත්ද්‍රව්‍ය විකුණූ 193 ක් අත්අඩංගුවට පොසොන් සමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය අළෙවි කළ සහ සන්තකයේ තබාගත් සැකකරුවන් 193 දෙනෙකු අත්අඩංගුවට ගත් බව උතුරු මැද පළාත් සුරා බදු සහකාර කොමසාරිස් උපුල් කුමාර මහතා අද (19) පැවසීය. 19 June 2019
නවක වදයට විරුද්ධ වූ සිසුවෙකුට පහරදී රෝහලේ පේරාදෙණිය සරසවි උයන විද්‍යාලයේ නවක වදයට විරුද්ධ වූ 12 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් පහරදීම හේතුවෙන් එම සිසුවා අද (19) පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 19 June 2019
මාස 2කින් මහජන දිනය නැහැ කොළඹ මහ නගර සභාවේ මහජන දිනය දැනට මාස 2කට ආසන්න කාලයක් තිස්සේ නොපැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ. 19 June 2019
ගින්නකින් වතු නිවාස 9 ක් විනාශයි තලවකැලේ පොලිස් වසමට අයත් සෙන්ක්ලොයාර් වතුයායේ ස්ටෙලින් කොටසේ වතු නිවාස පේළියක අද (19) පස්වරුවේ හටගත් ගින්නකින් වතු නිවාස 9 ක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය පවසයි. 19 June 2019
හෙරොයින් ළඟ තබාගත් තිදෙනෙකු රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන අද (19) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ජූලි 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. 19 June 2019
ලක්ෂ 65 ක බීඩි කොළ සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ, රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා, බීඩි කොළ කිලෝ 1157ක් කල්පිටිය ඔඩක්කාරතීව් දූපත ආසන්න කළපුවේදී කල්පිටිය විජය නාවුක හමුදාව අද(19) අත්අඩංගුවට ගෙන තිබේ. 19 June 2019
බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට ඇල්ල දෙමෝදර ප්‍රදේශයේ සිට හීල්ඔය දක්වා ලොරි රථයකින් බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි. 19 June 2019
සබරගමු සරසවි සිසුහු පාරට බසිති ඉදිරි මාසයේ සිට මහ පොළ හා ශිෂ්‍යධාර ලබාදෙනුයේ දේශන සඳහා 80% අනිවාර්ය පැමිණීම සලකා බැලීමෙන් පසුව බව පවසමින් නිකුත් වූ චක්‍රලේඛනය හකුළා ගැනීමට කටයුතු කරන ලෙස බල කරමින් සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු අද ( 19) උද්ඝෝෂණයක් ඇරඹුහ. 19 June 2019
ඇල්ල රක්ෂිතයක ගින්නකින් අක්කර දෙකක් විනාශයි ඇල්ල උඩුකුඹල්වෙල, රජකොටුව කඳු රක්ෂිතයේ අද (19) දහවල් ඇතිවූ ගින්නකින් එම කඳු රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ. 19 June 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025