IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මිද්දෙනිය බීජ නිෂ්පාදන ගොවිපළෙහි ගොවියෝ වීදි බසිති

(චන්ද්‍රසේන ගමගේ සහ ඒ.ඒ.පී. කුමාර)
 
රජයේ නිවාස  ව්‍යාපෘතියක් සඳහා මිද්දෙනිය රජයේ බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපළ භූමියෙන් අක්කර 10 ක් ලබාගැනීමේ සැලසුමක් ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වමින් ගොවිපළෙහි සේවකයෝ අද(21) දෛනික රාජකාරිවලින් ඉවත් වී විරෝධතාවක යෙදීසිටිති.

මෙම විරෝධතාවය සඳහා සේවකයෝ 60 දෙනෙක් පමණ එක්වී සිටිති.

මිද්දෙනිය රජයේ බීජ ගොවිපළ රජයේ නිවාස ව්‍යාපෘති සඳහා ලබාගැනීමට සැලසුම් කිරීම සාහසික ක්‍රියාවක් බව ඔවුහු පවසති.
 
“අක්කර 138 ක් පුරා මෙම ගොවිපළ පවතිනවා. මෙහි සේවකයෝ 60 ක් පමණ සේවය කරනවා. රටට අවශ්‍ය බීජ නිෂ්පාදනය කරන්න වගේම විවිධ රෝපණ පැළ ලබාදීම සඳහාත් මෙම ගොවිපළ විශාල කාර්යක් ඉටුකරනවා. මෙම ගොවිපළ තුළ මුඩු බිම් නෑ. සියල්ල මාස් කන්නයට වගා කරනවා. ගොවිපළෙන් බිම් අඟලක් දෙනවාට අපි විරුද්ධයි” යැයි ගොවිපළ සේවකයෝ කීහ.
 
 “මගේ දෙමව්පියොත්, අපේ පරම්පරා ගණනකුත් ජීවත්වුණේ මෙම ගොවිපළෙන්. එය කෑලි කඩනවාට අපි විරුද්ධයි. අපි නිවාස ව්‍යාපෘතිවලට විරුද්ධ නෑ. ඒව  කරන්න මේ පළාතේ ඕන තරම් ඉඩම් හොයා ගන්න පුළුවන්. මේ ගොවිපළ කෑලි වලට කඩන්න ගමේ මිනිස්සු ඉඩ දෙන්නේ නෑ. එහෙම වුණොත් සජිත් ඇමතිතුමාට වෙන්නේ කොට්ටෝරුවාට වූ දේ බව මම කියනවා” යැයි විරෝධතාවට එක්වූ ගොවියෙක් ලංකාදීපයට පැවසීය.



අදහස් (0)

මිද්දෙනිය බීජ නිෂ්පාදන ගොවිපළෙහි ගොවියෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site