IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


‘උතුරු මැද පළාතේ ගුරුවරුන්ට වැටුප් වැඩි වී නැහැ’

(දයාරත්න ඇඹෝගම)
 
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන ගැටලු හේතුවෙන් ජනවාරි මාසයේ සිට හිමිවීමට තිබූ වැටුප් වැඩිවීම් උතුරු මැද පළාතේ සමස්ත විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට මේ වනතෙක් ලැබී නැතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් අද(20) අනුරාධපුර නගරයේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
 
“2016/3 චක්‍රලේඛයට අදාළ වැටුප් පරිමාණයන් සහ හිඟ වැටුප් උතුරු මැද පළාතේ විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට මෙතෙක් ගෙවා නැහැ.මෙම වැටුප් වැඩිවීම ඉතාම සුළු පිරිසකට ගෙවා තිබුණත් ඔවුන්ටත් හිඟ වැටුප් මෙතෙක් ගෙවා නැහැ. විදුහල්පතිවරු හා ගුරුවරු ඔවුන්ගේ වැටුප් වර්ධක ලේඛන කලාප කාර්යාලවලට මෙතෙක් භාර නොදීම මෙම තත්වයට හේතුවී ඇතැයි එම නිලධාරීන් චෝදනා කරනවා.
 
2016/3 චක්‍රලේඛයට අනුව අදාල වැටුප් තලවල පිහිටුවීම සදහා විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් වර්ධක ලේඛන භාර දීම හා නොදීම අදාළ න්නේ නැහැ. තම නොහැකියාව වසා ගැනීම සදහා අධ්‍යාපන බලධාරීන් සිය වගකීම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පිටපටවා තම වගකීමෙන් ගැලවීමට කටයුතු කරමින් සිටිනවා. 
 
2016/3 චක්‍රලේඛනයේ  සඳහන් වැටුප් පරිමානයන්ට අදාලව පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 5000 - 6000 අතරත් දෙවන ශ්‍රේණියේ අයෙකුට රුපියල් 4000 - 5000ත් අතර වැටුප් වැඩිවීමක් සිදුවිය යුතුයි.
 
එහෙත් එම වැටුප් පරිමාණයන් තවමත් ගුරුවරුන්ට ලැබිලා නැහැ. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් පවතින දුර්වලතා හේතුවෙන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැඩි පීඩනයකට පත්ව සිටිනවා. ”
 

මේ පිළිබඳව තමන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා සමග වාචිකවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා හා භාණ්ඩාගාර ලේකම් සමග ලිඛිතවත් කරුණු දැක්වූ බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසීය.
 
හිඟ වැටුප් ගෙවීම් සදහා මුල්‍ය අර්බුදයක් නොමැති බවට පළාත් භාණ්ඩාගාර ලේකම් ප්‍රකාශ කලද භාණ්ඩාගාරය වෙත තොරතුරු සම්පාදනයේ දී සිදුව ඇති අඩුපාඩු හා අධ්‍යාපන කාර්යාලවල පවතින නිද්‍රාශීලී ස්භාවයන් හේතුවෙන්  මේ සියලු ගැටලු මතුව ඇති බවත් විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට සිදුව ඇති අසාධාරණයට කඩිනම් විසදුමක් ලබා දීමට අධ්‍යාපන බලධාරීන් පියවර නොගන්නේ නම් සංගමයක් වශයෙන් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙහිදි පැවසීය.
 
මේ සම්බන්ධයෙන් අනුරාධපුර අධ්‍යාපන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර්.බණ්ඩාර මහතාගෙන් කළ විමසුමේදි හෙතෙම මෙසේ පැවසුවේය.
 
“සුදුසුකම් සපුරා ඇති සියලු විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් පරිවර්තන සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ලබන මාසය වනවිට සියල්ල විසඳනවා. හිඟ වැටුප් ගෙවීමට මුදල් ඉල්ලා සිටියත් මෙතෙක් මුදල් ලැබී නැහැ” යැයි කලාප අධ්‍යක්ෂකවරයා පැවසීය.



අදහස් (0)

‘උතුරු මැද පළාතේ ගුරුවරුන්ට වැටුප් වැඩි වී නැහැ’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32329 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14846 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 89 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 374 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1299 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site