ගුරුකන්ද විහාරය අන්තවාදීන්ගෙන් රැකදෙන්නැයි ඉල්ලා විරෝධතාවක් මුලතිව් නයාරූ පිහිටි ගුරුකන්ද රජ මහා විහාරස්ථානය අන්තවාදීන්ගෙන් ආරක්ෂා කරදෙන්නැයි ඉල්ලා සාමකාමී විරෝධතාවයක් අද (16) එම විහාරස්ථානයේදී පැවැත්විණි. 16 June 2019
අතුරුදන් වූ සිසුවියකගේ සිරුර ලොග්ගල්ලාඔය ජලාශයෙන් හමුවේ දින තුනකට පෙර අතුරුදහන් වූ පාසල් සිසුවියකගේ මළසිරුරක් කන්දකැටිය ලොග්ගල්ඔය ජලාශයට ජලය රැගෙන එන ප්‍රධාන ඇළ මාර්ගයේ තිබියදී අද(16) සොයාගන ඇතැයි පොලිසිය පවසයි. 16 June 2019
මුදල් - රන් ආභරණ සොරාගැනීමට තැත් කළ අයෙකු වෙඩි තබා අල්ලයි හොරණ නගරයේ මූල්‍ය ආයතනයකට අද(16) ඇතුළු වී රුපියල් කෝටි ගණනක මුදල් හා රන් ආභරණ සොරාගැනීමට තැත් කළ පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි. 16 June 2019
පහරදී කාන්තාවක් ඝාතනය කරලා බකමූණ යාය 4 ප්‍රදේශයේද අද(16) අලුයම කාන්තාවකට පොරවකින් පහරදී ඝාතනය කර ඇගේ අනියමි සැමියාද දිවි හානිකරගෙන ඇතැයි බකමූණ පොලිසිය කියයි. 16 June 2019
නිධන් හාරමින් සිටි 5 ක් අත්අඩංගුවට බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන මල්ආර ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසයි. 16 June 2019
වැලිමඩ වෙළඳසැලක් පිටුපස රිවෝල්වරයක් වැලිමඩ නගරයේ වෙළඳසැලක් පිටුපස කාණුවක තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් අද (15) හවස අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි. 15 June 2019
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 15 June 2019
ධම්මිස්සර විදුහලෙන් එළුවන්කුළම සිංහල විදුහලට ආධාර නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 106 වැනි සංවත්සරය වෙනුවෙන් විල්පත්තු අභය භූමියේ රෝපණය කිරීම සදහා පැළ 4000 ක් යුද හමුදාවට භාර දීම හා පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයට ඉගෙනුම් උපකරණ පරිත්‍යාග කිරීම සිදුකෙරෙණි. 15 June 2019
දකුණේ දෙමළ මාධ්‍ය ගුරුවරුන් 94කට පත්වීම් දකුණු පළාතේ දෙමළ මාධ්‍ය පාසැල්වලට උපාධිධාරි දෙමළ මාධ්‍ය ගුරුවරුන් 94 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (15) දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදි සිදුවිය. 15 June 2019
ත්රස්තවාදයට, අන්තවාදයට එරෙහිව කාන්තා උද්ඝෝෂණයක් ත්රස්තවාදයට, අන්තවාදයට විරුද්ධව පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තාවන්ගේ විරෝධතාවය යන මැයෙන් උද්ඝෝෂණයක් හා පාගමනක් අද (15) පොළොන්නරුව නගරයේ දී පැවැත්විණි. 15 June 2019
මදනමෝදක ගුලි සමග අයෙක් අත්අඩංගුවට මහකනදරාව, යාය 01 පාසල ඉදිරිපිට වෙළඳ සැලක අලෙවි කිරීමට තිබු කිලෝ 5ක් බරැති ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 525ක් සමග නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු අද (15)දින අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. 15 June 2019
ගිරිතලේ යුද හමුදා පොලිස් පුහුණු පාසැලේ විසිර යාමේ පෙළපාලියක් පොලොන්නරුව ගිරිතලේ සුදුගල්කන්ද යුද හමුදා පොලිස් පුහුණු පාසැලේ මූලික විනයාරක්ෂක පාඨමාලාව හදාරන ලද සෙබළුන් 100 දෙනෙකු විසිර යාමේ පෙළපාලියක් අද (15) පෙරවරුවේ එම පුහුණු පාසැලේ සරඹ පටියේද’ පැවැත්විණි. 15 June 2019
සර්ප දෂ්ඨනයකින් ගොවියෙක් මරුට කුඹුරේදී සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් අද (15) උදෑසන ගොවියෙකු මරණයට පත්වී ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. 15 June 2019
යුද හමුදාවේ මැදිහත්වීමෙන් අන්ධ තරුණියකට නිවසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අන්ධ තරුණියකට යුද හමුදාව සහ කොළඹ දිස්ත්‍රික්කයේ 360, සී1 සිංහ සමාජයේ මැදිහත්වීමෙන් අංග සම්පූර්ණ නිවසක් සාදා දී එය ඔවුන්ගේ අයිතියට පත්කිරීමේ අවස්ථාව අද (14) කුලියාපිටියේ දී පැවත්විණි. 14 June 2019
ගුරුකන්ද විහාරයේ නාම පුවරුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉවත් කරලා මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානය ලෙස නම් සඳහන් කර එම විහාරස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබූ නාම පුවරුව අද (14) මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගලවා ඉවත්කරනු ලැබීය. 14 June 2019
ස්ත්‍රියකට අතවර කළ වරදකරුවකුට වසරක 10 ක සිරදඬුවමක් ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 10ක සිරදඬුවමක් නියම කිරීමට දකුණු පළාත් බද පුර්වගාමී විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (14) නියෝග කළේය. 14 June 2019
රාජිතට එරෙහිව ගාල්ලේත් විරෝධතා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී අද (14) පැවැත්විණි. 14 June 2019
ගැටුමකට සම්බන්ධ 11 ක් අත්අඩංගුවට - 5ක් රිමාන්ඩ් හැටන් දික්ඔය දරවල ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් 5දෙනෙකු මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, ගැටුමට සම්බන්ධ සිසුන් 6 දෙනෙකු එදින දක්වා පරිවාස භාරයේ තැබීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. 14 June 2019
ගරාජයක තිබූ ත්‍රිරෝද රථයකට ගිනි තබා - යතුරුපැදියකුත් සොරාගෙන දෙනියාය, බෙවර්ලිය ප්‍රදේශයේ පාසල් මාවතේ ගරාජයක නවතා තිබූ ත්‍රිරෝද රථයක් අද අලුයම ගිනි තබා එම ගරාජයේ නවතා තිබූ යතුරු පැදියක් ද සොරකම් කරගෙන ගොස් ඒ ආසන්නයේ පිහිටි තේ වත්තක දමා ගොස් තිබියදී අද (14) සොයාගත් බව දෙනියාය පොලිසිය කියයි. 14 June 2019
බත් පාර්සලයේ රෙදි කැබැල්ලක් තිබුණැයි කළමණාකරුවෙක් අත්අඩංගුවේ රත්නපුර මහාධිකරණයේ උසස් නිලධාරියෙකුගේ දිවා ආහාරය සඳහා ගෙන්වා ගත් බත් පාර්සලයක රෙදිකැබැල්ලක් තිබීම හේතුවෙන්, එය අලෙවි කළ රත්නපුර බොජුන්හලක කළමනාකරුවකු සැකපිට අද (13) අත්අඩංගුවට ගත් බව රත්නපුර මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීහු පැවසූහ. 13 June 2019
මසුන් මරමින් සිටි අයෙක් වැවට වැටී මරුට මාදම්පේ තනිවැල්ලේගම තිනිපිටි වැවේ අද (13) පස්වරුවේ මසුන් මරමින් සිටි පුද්ගලයකු වැවට වැටී දියේ ගිලී මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය කියයි. 13 June 2019
ලිහිසි තෙල් බැරලයට දමා පොල්තෙල් විකිණූ දෙදෙනෙකුට දඩ ලිහිසි තෙල් අඩංගු හිස් බැරලයකට ආහාරයට ගන්නා පොල්තෙල් ඇසුරුම් කර, විකිණීමට බෙදාහැරි පොල් තෙල් මෝල් හිමියෙකුට සහ එම තෙල් බැරලයක් තබාගත් වෙළඳ ව්‍යාපාරිකයෙකුට එක් අයෙකුට රුපියල් 10,000 බැගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා අද (13) දඩ මුදලක් නියම කළේය. 13 June 2019
කොළොන්නාව රජයේ කර්මාන්තශාලාව ඉදිරිපිට මළසිරුරක් වැල්ලම්පිටියේ පිහිටි කොළොන්නාව රජයේ කර්මාන්තශාලාව ඉදිරිපිට තිබී පුද්ගල මළ සිරුරක් හමු වී ඇතැයි පොලීසිය කියයි. 13 June 2019
කාසල් රෝහලට ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කරයි කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රයෝජනය සඳහා එහි රෝහල් කමිටුවේ පුර්ණ අනුග්‍රහයෙන් ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීම, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේ දී අද (13) පැවැත්විණ. 13 June 2019
අන්තරායකාරී විදුලි රැහැන් ඇදි වතු හිමියෙක් රිමාන්ඩ් නීති විරෝධීව නොසැලකිලිමත් ලෙස විදුලි රැහැන් ඇද පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තේ ඉඩම් හිමියෙකු 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය. 13 June 2019
පොළොන්නරුවේ වෛද්‍යවරු උද්ඝෝෂණයක පොළොන්නරු දිස්ත්‍රික්කයේ රෝහල්වල වෛද්‍යවරු අද (13) පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ. 13 June 2019
වාරි අමුණකට වැටී දරුවෙක් මරුට පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි වාරි අමුණකට ඇදවැටුණු 8 හැවිරිදි පිරිමි දරුවකු අද (13) දියේ ගිලී මිය ගිය බව පොළොන්නරුව පොලීසිය කියයි. 13 June 2019
රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි උද්ඝෝෂණයක් සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත් සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසිකරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(13) බදුල්ල මහරෝහල ඉදිරිපිටදී පැවැත්විණි. 13 June 2019
කටුපොල් වගාව නතර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ගලිගමුව අටාල වතුයායේ මේ දිනවල වගාකෙරෙන කටුපොල් වගාව නතර කරන්නැයි ඉල්ලා අද (13) ගලිගමුව ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඇතුළු ගම්වැසියෝ එක්ව ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ උද්ඝෝෂණයක නිරතවූහ. 13 June 2019
හැටන් ලංගම වර්ජනය දෙවැනි දිනටත් ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් ලංගම සේවකයන් අරම්භ කර ඇති වැඩ වර්ජනයට හැටන් ඩිපෝවේ සියලුම සේවකයන් අද (13) සිට සහයෝගය දක්වන බව නිදහස් සේවක සංගමයේ හැටන් ලංගම ඩිපෝවේ සභාපති සහ ඩිපෝ පරික්ෂක රෝහණ ද සිල්වා මහතා පැවසීය. 13 June 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025