(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී අද (14) පැවැත්විණි.
කරාපිටිය, බලපිටිය, ඇල්පිටිය සහ උඩුගම යන රෝහල්වල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශික්ෂණ රෝහල් ශාඛාවේ සම ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා මෙසේ පැවසීය.
"අද වන විට සෞඛ්‍ය ඇමැතිවරයාගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් මුළු නිදහස් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයටම කඩා හැලෙන තත්වයකට පත්වෙලා. බාල ඖෂධ රෝගීනට ලබාදීම තුළින් ජනතාවගේ රජයේ සෞඛ්‍ය සේවාව සඳහා තිබූ විශ්වාසය පළුදුවෙලා. ඒ මදිවට නෙවිල් ප‍්‍රනාන්දුගේ රෝහලට රුපියල් බිලියන 5 ක් ලබාදීලා.
මේ නිසා අපි කියන්නේ මෙම කරුණු ගැන නීතිය ක‍්‍රියාත්මක කර මෙම සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා. රාජිත සේනාරත්න කියන්නේ මෙතෙක් ශ‍්‍රී ලංකාවේ සිටි දූෂිතම සෞඛ්‍ය ඇමැති කියල හඳුන්වන්න පුළුවන්."

2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජිතට එරෙහිව ගාල්ලේත් විරෝධතා