(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය දරවල ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් 5දෙනෙකු මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, ගැටුමට සම්බන්ධ සිසුන් 6 දෙනෙකු එදින දක්වා පරිවාස භාරයේ තැබීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඉකුත් 9 වෙනි දින එම ක්‍රීඩාංගණයේ පැවැත්වූ ක්‍රිකට් තරගාවලියට සහයෝගයට පැමිණි කුඩා ළමුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග ගොස් වැඩිහිටියන් කිහිපදෙනෙකු ද ඊට මැදිහත් වී ඇත.
එම ගැටුම පසුව හැටන් ඩයගම ප්‍රධාන මාර්ගයේ දික්ඔය දරවල ප්‍රදේශයේදි යළිත් ඇති වී ඇති අතර තිදෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන්ගේ එක් අයෙකුගේ තත්ත්වය බරපතල හෙයින් ඔහු මහනුවර ශික්ෂන රෝහල වෙත මාරුකර යවා ඇති බව හැටන් පොලිසිය පැවසුවේය.
මෙම ගැටුමේදී ගල්, මුගුරුවලින් දෙපාර්ශවයම පහරදීම් කර ඇති අතර 12-15 අතර වයස් කාණ්ඩවල පසුවන ළමුන් කිහිපදෙනෙකු සහ 25 -30 වයස් කාණ්ඩවල පසුවන වැඩිහිටියන් කිහිපදෙනෙකු මැදිහත් වි ඇති බවය පොලිසිය කියා සිටියේය.
දෙපාර්ශවයේ ඇති වු ගැටුම ඒ අසළ තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් ව තිබූ අතර, එම දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගත් හැටන් පොලිසිය ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැටුමකට සම්බන්ධ 11 ක් අත්අඩංගුවට - 5ක් රිමාන්ඩ්