(ක.ග. කරුණාරත්න)
ලිහිසි තෙල් අඩංගු හිස් බැරලයකට ආහාරයට ගන්නා පොල්තෙල් ඇසුරුම් කර, විකිණීමට බෙදාහැරි පොල් තෙල් මෝල් හිමියෙකුට සහ එම තෙල් බැරලයක් තබාගත් වෙළඳ ව්‍යාපාරිකයෙකුට එක් අයෙකුට රුපියල් 10,000 බැගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා අද (13) දඩ මුදලක් නියම කළේය.
රුපියල් 60,000 ක් පමණ වටිනා ලීටර් 210 ක් පමණ වන එම පොල් තෙල් තොගය විනාශ කරන ලෙසට ඒ වැටලීම කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අධිකරණයෙන් නියෝග කෙරිණි.
චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව මෙසේ දඩ නියම වූයේ ගිරිඋල්ල, නාරංගොඩ, අරුණපොල ප්‍රදේශයේ පොල්තෙල් මෝල් හිමියෙකුට සහ පොළොන්නරුව, රෝහල හන්දිය පදිංචි වෙළෙඳ ව්‍යාපාරිකයෙකුටය.
පොළොන්නරුව නාගරික මහජන සෞඛ්‍යය පරීක්ෂක ආර්.එම්.වී නුවන් රත්නායක, නවනගරය මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.බී නලින් චමින්ද යන මහත්වරුන් විසින් මේ වැටලීම කර අධිකරණයේ නඩු පවරන ලදී.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලිහිසි තෙල් බැරලයට දමා පොල්තෙල් විකිණූ දෙදෙනෙකුට දඩ