IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යුද හමුදාවේ මැදිහත්වීමෙන් අන්ධ තරුණියකට නිවසක්

(ප්‍රින්ස් රත්නායක)
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අන්ධ තරුණියකට යුද හමුදාව සහ කොළඹ දිස්ත්‍රික්කයේ 360, සී1 සිංහ සමාජයේ මැදිහත්වීමෙන් අංග සම්පූර්ණ නිවසක් සාදා දී එය ඔවුන්ගේ අයිතියට පත්කිරීමේ අවස්ථාව අද (14) කුලියාපිටියේ දී පැවත්විණි.
 
මෙම තරුණිය හසිනි මධුෂානි නමැත්තියක වන අතර, 14 වන වියේදී ඇගේ මව මියගොස් තිබිණි. 12 හැවිරිදි වියේදී අන්ධභාවයට පත් වූ ඇය මිත්තණිය සහ සොහොයුරා සමඟ පහසුකම් අවම නිවසක ජීවත්ව ඇත.
 
පියතුමකු මැදිහත්වී ඇයට නිවසක් සාදා දී තිබූ අතර එය අංග සම්පූර්ණ නිවසක් බවට පත් කරගැනීමට ඇය සහය ඉල්ලා තිබිණි.
 
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 360, සී1 ව්‍යාපෘති සභාපති නීෂා රදැල්ල මහත්මිය සහ ඇගේ සොහොයුරකු වන යුද හමුදා සේවයේ නියුතු කර්නල් නලින්ද මහවිතාන මහතාගේ මැදිහත්වීමෙන්, යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ සහයෝගය සහිතව එය සම්පූර්ණ නිවසක් ලෙස ගොඩනැංවිණි.
 
යුද හමුදාවේ සහය සහිතව මෙම නිවස ඉදිකර ඇති අතර, ශ්‍රම දායකත්වයෙන් තොරව ගත් කළ ලක්ෂ 20ක පමණ පිරිවැයක් මේ වෙනුවෙන් දරා ඇතැයි පැවසේ. නිවසට අවශ්‍ය ගෘහ උපකරණ ලබාදීමට සිංහ සමාජය කටයුතු කර තිබිණි.
 
නිවස තරුණියගේ අයිතියට පත්කරන එම අවස්ථාවට යුද හමුදාපතිවරයා, යුද හමුදාවේ සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු චන්ද්‍රිකා සේනානායක මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (0)

යුද හමුදාවේ මැදිහත්වීමෙන් අන්ධ තරුණියකට නිවසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site