(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
මහකනදරාව, යාය 01 පාසල ඉදිරිපිට වෙළඳ සැලක අලෙවි කිරීමට තිබු කිලෝ 5ක් බරැති ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 525ක් සමග නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු අද (15)දින අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහකනදරාව, යාය එක පදිංචි 56 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකි.
මෙම පුද්ගලයා ගංජා මිශ්‍ර මදන මෝදක පාසල් සිසුන්ට අළෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත වෙළඳ සැල පරීක්ෂා කර මදන මෝදක සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරැ අද (15)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතවය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිස් ස්ථානාධිපති ජයන්ත ගුණතිලක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd