පල්ලත්තර සිරි සුමන ජෝති හිමියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, ගාල්ලේ මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත, අති පූජ්‍ය පල්ලත්තර සිරි සුමන ජෝති නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව අවසන් කටයුතු අද (12) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පුර්ණ රාජ්‍ය ගෞරව ඇතිව සිදු කරන ලදී.