වසන්ත චන්ද්‍රපාල
සමෘද්ධි සහනාධාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා මහඔය ප්‍රදේශයේ ජනතාව මහඔය නගරයේදි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
මහඔය ප්‍රාදේශීය සභාවට එක්වූ මෙම පිරිස මහඔය ප්‍රාදේශීය සභාවේ සිට මහඔය නගරය දක්වා පෙළපාළියකින් ගමන් කළහ.
පසුව මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් එහිදී විරෝධතාවයක් පැවැත්විණි. පසුව විරෝධතාකරුවෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම්වරයාට පෙත්සමක් බාරදුන්හ.
සමෘද්ධි නිලධාරීන්ගෙන් ගත් තොරතුරු පදනම් කරගෙන මෙම නාම ලේඛනය සකස් කළ අතර එය අනුමත කිරිමට යැවිමෙන් පසුව අනුමත වී පැමිණි නම් සඳහා සමෘද්ධිය ලබාදීමට කටයුතු කළ බව කීය.
මෙම නාම ලේඛණයේ ලකුණු 90 ක් ගත් පුද්ගලයාට සමෘද්ධිය නොලැබී ඇති අතර ලකුණු 50 ක් ගත් පුද්ගලයාට සමෘද්ධිය ලැබී ඇති බව මෙහිදී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එය වැරැද්දක් බව පිළිගත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන ගුණසේන මහතා එය තමන් විසින් සිදු නොකළ අතර අනුමත කිරීමට යැවිමෙන් පසුව ලැබුණු නාම ලේඛනවලට සමෘද්ධිය ලබාදුන් බව සදහන් කළේය.
නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ, මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික ගුණවර්ධන ඇතුළු පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලට පේනවා නේද ? කිසිම අබාදිත තත්වයක් නැති හොදට අත්පය ඇති මේ පුද්ගලයන් රජයෙන් පිනට කන්න පොර බදන හැටි ලෝකයේ රටේ ජනතාවට කිසිම හේතුවක් නොමැතිව ලෝක ණය ලබා ගනිමින් පිනට කන්න දෙන කාලකන්නිම රට ලෙස ලෝක ඉතිහාසයට එක වී හමාරය ඉතා කෙටි කාලයකින් අපේ රට සෝමලියාවක් වනු නියතය දරුවන් මෙලොව එලිය ලබන්නේද පිනට කන්න ලෙස සේම ඔවුන් මියැදෙන්නේද මතු පරපුර උපදිනේද මේ මානසිකත්වයෙනි ඉතින් අනාගතේ අන්‍යාගමික රටක් වනු නොහැකිද ?