(නවරත්න සමරතුංග)
අතුරුදන් ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඇය පදිංචිව සිටි නිවස පිටුපස වළ දමා තිබියදී අද (12) සොයාගත් බව තිරුක්කෝවිල පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ විනයාගපුරම්, තිරුක්කෝවිල පදිංචිව සිටි ලෙච්චමී සනහම් හෙවත් මලර් නැමති 52 හැවිරිදි කාන්තාවක බවට හඳුනා ගෙන ඇත.
සිද්ධිය වූ 10 වන දින ඇගේ සැමියා කුඹුරට ගිය අවස්ථාවේ මෙම කාන්තාව සහ ඇගේ දියණියගේ දරුවාද සමග නිවසේ සිට ඇත.
මෙම කාන්තාව දහවල් අසළ කඩයකට ගොස් පැමිණෙමින් සිටි බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙදින දහවල් කුඹුරේ සිට නිවසට පැමිණ ඇති ඇයගේ සැමියා සවස් වනතුරු ඇය නොපැමිණි බැවින් දියණියට සහ බෑණාට දැනුම්දී තිරුක්කෝවිල පොලීසියට පැමිණිලි කර ඇත. පොලීසිය කළ මූලික පරීක්ෂණයේදී කිසිදු හෝඩුවාවක් දැන ගන්නට ලැබී නැත.
විමර්ශන නිලධාරීන් පරීක්ෂා කරනවිට නිවස පිටුපස අඩක් වැඩ නිමකර තිබූ නාන කාමරයක් අසලින් දැඩි දුඟඳක් වහනය වූ බවත්, එම ස්ථානයේ වළ දමා තිබී මළසිරුර සොයාගත් බවත් පොලිසිය කියයි.
අක්කරපත්තු අධිකරණයට කරුණු වාර්තා කළ පොලීසිය අධිකරණ නියමය මත අධිකරන වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය මත මෘත දේහය ගොඩ ගැනීමට පියවර ගෙන තිබිණ.
මෙය මිනීමැරුමක් බව පොලීසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුව ගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අතුරුදන්ව සිටි කතකගේ සිරුර සොයාගනී