IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ත්‍රි’මලේ කමිටු රැස්වීම උණුසුම් වෙයි

(අමදෝරු අමරජීව)

අද (10)  පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී  දිස්ත්‍රික්කයේ ඉඩම් විමසනවිටදී  දිස්ත්‍රික්කයේ  ඉඩම් සංවර්ධනය කරන මුවාවෙන් ඇමෙරිකානු කඳවුරක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරිමේ සූදානමක් පවතින බව  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ  සභාව උණුසුම් විය.

සුසන්ත පුංචිනිලමේ මහතාගේ ප්‍රකාශයට එරෙහිව අදහස් දැක්වූ මෑතකදී මුස්ලිම් ඇමැතිවරුන් සමඟ ඉල්ලා අස්වු  හිටපු නියෝජ්‍ය ඇමැති අබ්දුල්ලා මහරුප් මහතා එය විමල් වීරවංශගේ ප්‍රකාශයක් බවත්  ඒවා මෙතනට අදාළ නැති බවත් කීය.

ඉන්පසු නැගී සිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ඒකනායක,  ගෝමරන්කඩවල  ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන  විජිත කුමාර යන මහත්වරු පුවත්පතක පළ වූ බව කියන  ඇමෙරිකාවට ඉඩම් දීමේ සැලසුම ප්‍රවෘත්තිය පෙන්වමින්  හිටපු නියෝජ්‍ය අමාත්‍යාවරයාගේ ප්‍රකාශයට විරෝධය දැක්වූහ.

විරෝධතා මාධ්‍යයේ  අදහස් දැක්වු  හිටපු නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අබ්දුල්ලා මහරුප්  මහතා පැවසුවේ  තවම ඉඩම් සිංගප්පුර් සමාගමට ලබාදී නැති බවත්  ප්‍රදේශයේ ජනතාවට මේ තුළින් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක්  සැපයෙන බවත් විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ මෙතනට අදාළ නැති බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ  මහතා මෙහිදි විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ තමන් පිළිනොගන්නා  බව කීය.

මෙම රැස්වීම සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්.සම්බන්ධන්, අබ්දුල්ලා මහරුප් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 



අදහස් (0)

ත්‍රි’මලේ කමිටු රැස්වීම උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 778 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 515 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site