IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


මංගලගේ ප්‍රකාශයට මාතර නගර සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ එති

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

 

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශවලට විරෝධය පල කරමින් මාතර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අත්වල කලු පටි පැළද විරෝධතා පා ගමනකින් අද (11) මාසික සභා රැස්වීමට සහභාගී වූහ.

ඔවුහු මුදල් අමාත්‍යවරයාට එරෙහි සටන් පාඨ කියමින් මාතර මහ නගර සභාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී විරෝධතා බැනරයක් ප්‍රදර්ශනය කරමින් රැස්වීම් ශාලාවට ඇතුළු වූහ.

මෙහිදී අදහස් දැක්වු නාගරික මන්ත්‍රී මලිදු ගජධීර මහතා මෙසේ කීය.

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව කියා ජාතිවාදය වපුරන ලද මංගල සමරවීර ජාතීන් අතර සුහදතාවය පෙන්වන්න කියා විරෝධතා පවත්වනවා. මේක මහ විහිලුවක්. ඒ වගේම කාදිනල්තුමාට අපහාස කරනවා. ඔහුගේ මේ ජාතිවාදී ප්‍රකාශ තවම නතර කර නැහැ. සාමාන්‍ය මිනිසෙකු එවැනි ප්‍රකාශයක් කළා නම් මේ වෙනකොට හිරේ දාලා. ඒත් මංගලට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ ඇමැතිවරයාගේ වාග් ප්‍රහාර නතර කරලා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.”

මාතර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති චතුර කරුණාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (1)

මංගලගේ ප්‍රකාශයට මාතර නගර සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ එති

sharm warn Tuesday, 11 June 2019 11:25 AM

එක කට්ටියක් මල් මාල දාලා පිලි අරගෙන මහා නැටුමක් නටද්දී තව කට්ටියක් කළු පටි බැදගෙන විරෝදය දක්වනවා. අනේ මන්දා අපි කාගේ වැඩ පිලිගන්නද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 766 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 513 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site